Colombo Today Local News

දේශීය ව්‍යාපාරිකයෙක් වැඩි ලංසුවක් දී තිබියදී EAP සමාගම කොටියෙකුට විකුණලා

ඊඒපී සමාගම් සමූහය සතු සියලු සමාගම් මේ වන විට ලයිකා මොබයිල් සමාගම වෙත විකිණීමට තීන්දු කර ඇති බවත්, එසේ තීන්දු කර ඇත්තේ දේශීය ව්‍යාපාරිකයෙකු ඊට වඩා වැඩි ලංසුවක් ඒ වෙනුවෙන් ලබා දී තිබූ පසුබිමක බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (25) පැවති විසර්ජන පනත යටතේ යෝජනා විවාදය අතරතුර දී මන්ත්‍රීවරයා මේ බව හෙළිදරව් කළේය.

මෙහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංහ මහතා මෙසේ පැවසීය.

“ඊඒපී ආයතනයේ තිබුණු සියලු සමාගම් කාටද තමුන්නාන්සේලා දෙන්න තීන්දු කළේ. ලයිකා මොබයිල් සමාගමට.“

“ලයිකා මොබයිල් කාරයා කියන්නේ කවුද. මුළු ලෝකෙම කුප්‍රකටයි එල්ටීටීඊ සල්ලි.“

“චන්ද්‍රිකා කුමාරණතුංග නෝනයි, මනෝ තිත්තවැල්ල මහත්තයයි තමයි මේ ගනුදෙනුව පිටිපස්සේ ඉන්නේ.“

“ලයිකා මොබයිල් කාරයට දුන්නේ, ඊට වඩා වැඩි ලංසුවක් දේශීය ව්‍යාපාරිකයෙක් ඒ වෙනුවෙන් තියලා තියෙද්දී.“

“නීතිත් වෙනස් කරලා, විශේෂ කැබිනට් මණ්ඩල තීන්දුවක් අරගෙන තමයි ලයිකා මොබයිල් කාරයාට දුන්නේ.“

“එතකොට ලයිකා මොබයිල් කාරයා අතේ තියෙන්නේ සුදු සල්ලිද, කොටින්ගේ සල්ලි නෙමෙයිද එතන ගොඩගැහිලා තියෙන්නේ.“

මේ අතර පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය (ඊ ටී අයි ආයතනය) මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව සලකා බැලීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ ටී අයි ආයතනය සතු එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපල, එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක පමණ මුදලකට විකිණීම සඳහා ඊ ටී අයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය දීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් තීරණය කර ඇති බවයි. එසේම එ කී ගනුදෙනුව ශ්‍රී ලංකාවේ පවතින නීති රීති සහ රෙගුලාසිවලට අනුකූල ව විය යුතු බවට ද දැනුම් දෙනු ලැබී ය.

ඒ අනුව, අදාළ ගැනුම්කරු විසින් ගෙවිය යුතු එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක මුදලින් ඩොලර් දශ ලක්ෂ 32ක මුදලක් දැනට ලබා දී ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දශ ලක්ෂ 5,017.6ක් ලෙස ඊ ටී අයි ආයතනය වෙත ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියාසිටියේය.

කෙසේවෙතත් මෙම ගනුදෙනුවේ ගැනුම්කාර පාර්ශවය කරුවන්ද යන වග මෙතෙක් අනාවරණය නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙන අතර පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මේ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ගනුදෙනුවේ ඉදිරි කටයුතුවලට බලපෑමක් විය හැකි බැවින් අදාළ ගනුදෙනුව අවසන් වන තෙක් එය අනාවරණය කිරීමට කටයුතු නොකරන බවයි.

ස්වර්ණවාහිනිය කොටි හිතවාදියෙක් අතට.. රහස් ගනුදෙණුවේ සැගවුනු ගැනුම්කරු හෙළිවෙයි

Related posts

ශ්‍රී ලංකාව ස්වාධීන රටක්. අපේ ප්‍රශ්නවලට අගිලිගහන්න එපා – බොදු බලෙන් බ්‍රිතාන්‍ය අගමැතිට ලිපිය

colombotoday

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

Admin

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

උතුර, නැගෙනහිර පළාත්වල විදේශගතවූවන්ට ඡන්ද බලය දෙන්න විශේෂ පනතක් පාර්ලිමේන්තුවට

colombotoday

පොලීසිය බලා සිටියදීම මැරයෝ පොලු මුගුරුවලින් තෙල් සේවකයන්ට පහරදුන් හැටි (Video)

colombotoday