Colombo Today Local News

ස්වර්ණවාහිනිය කොටි හිතවාදියෙක් අතට.. රහස් ගනුදෙණුවේ සැගවුනු ගැනුම්කරු හෙළිවෙයි

මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති EAP ව්‍යාපාර සමූහය, ඔවුන් සතු මෙරට ප්‍ර‍මුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන ‘ස්වර්ණවාහිනී’ මාධ්‍ය ජාලය ඇතුළු වත්කම් විදේශීය සමාගමකට අළෙවි කිරීමේ රහස් ගනුදෙනුවේ මෙතෙක් හෙළි නොවූ නවතම තොරතුරු ගොන්නක් මේ වනවිට හෙළිදරව් වෙමින් පවතින බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබේ.

ස්වර්ණවාහිනිය ඉහළ මිලකට ගැනීමට දේශීය සමාගම් කීපයක් ඉදිරිපත් වී සිටියද මැලේෂියානු ජාතිකයකු වන සුදීර් ජයරාම්ට (Sudeer jaram) අයත් සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pvt. Ltd. නමැති සමාගමට කුණු කොල්ලයට විකිණීමට අගමැතිවරයාගේ හා මලික් සමරවික්‍ර‍ම ඇමැතිවරයාගේ පෙළඹවීම මත ශ්‍රී ලංකා මහාබැංකුව තීන්දු කර ඇතිබව පසුගිය දිනවල මධ්‍ය වාර්ථා කර තිබුණි.

ගනුදෙනුවට මැදිහත් වූ බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කරන මැලේසියානු ව්‍යාපාරික සුදීර් ජයරාම් විසින් අදාළ වත්කම් සඳහා ඉදිරිපත් කරන ලද මිල වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60කි.

මේ වන විට ලැබෙන නවතම තොරතුරුවලට අනුව අනාවරණය වන්නේ සුදීර් ජයරාම්ව ඉත්තකු ලෙස යොදාගෙන මෙම ගනුදෙනුව සිදු කරන්නේ බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ලයිකා මොබයිල් සමාගමේ අයිතිකරුවා වන අලිරාජ් සුභාෂ්කරන් නම් කුප්‍ර‍කට ව්‍යාපාරිකයා බව ‘මව්බිම’ පුවත් වාර්තාවේ සඳහන් වේ.

අලිරාජ් සුභාෂ්කරන්

සුදීර් ජයරාම් හා ස්වර්ණවාහිනී ගනුදෙනුව පිළිබඳ පසුගිය කාලයේ දිගින් දිගටම මෙරට මාධ්‍ය කළ අනාවරණයන් නිසා සුදීර් ජයරාම්ගේ ප්‍ර‍තිරූපය බිඳවැටී ඇති බැවින් මේ වන විට මෙම ගනුදෙනුවෙන් සුදීර් ඉවත් කර ඒ වෙනුවට අරාබි ජාතිකයකු යොදා ගෙන අලුත්ම මුහුණුවරකින් ගනුදෙනුව යළි ඇරඹීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටිති.

ශ්‍රී ලංකාවේ මුලතිව් හී ඉපිද පසුව ප්‍ර‍ංශයට ගොස් ඇති අලිරාජ් සුභාෂ්කරන් බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හා හිටපු අගමැති ජෝන් මේජර්ගේ ප්‍ර‍බල මූල්‍ය ආධාරකරුවකු වන අතර අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ද සමීපතමයකු බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ හිදිමින් ලයිකා මොබයිල්, ලයිකා හෙල්ත්, ලයිකා ෆලයි, ලයිකා එන්ටර්ටේට්මන්ට් ලෙස ලොව පුරා රටවල් 21ක ව්‍යාපාර පවත්වාගෙන යන මෙම ව්‍යාපාරිකයා, මිලියන ගණනින් බදු වංචා කිරීම හා මුදල් විසුද්දි කරණය යන චෝදනා මත ප්‍ර‍ංශ පොලිසියේ අත්අඩංගුවටද පත්ව තිබේ.

කොටි සංවිධානයට හා ද්‍ර‍විඩ ඩයස්පෝරාවාට ප්‍ර‍සිද්ධියේ උදව් උපකාර කරන දකුණු ඉනිදියානු සිනාමා කරුවන් වන රජිනි කාන්ත්, සූර්යා, විජය වැනි වුන් සමග ද සමීප ඇසුරක් පවත්වන සුභාෂ්කරන් ඔහුගේ ලයිකා එන්ටර්ටේට්මන්ට් හරහා කොටි හිතවාදී චිත්‍ර‍පටි රැසක් ද නිෂ්පාදනය කර ඇත.

මිලදී ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අනන්‍යතාව හෙළි නොකර, පරාජිත දේශපාලකයන්ගේද සහයෝගය ඇතුව, මෙරට මාධ්‍ය අත්පත් කරගෙන පරාජිත කොටි හඩට යළි ජීවය දෙන අලිරාජ් සුභාෂ්කරන්ගේ ‍කුමන්ත්‍ර‍ණයට ඉඩ දෙන්නේ දැයි මෙරට ජාතික මාමක බලවේගයන්ගෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් විමසා සිටිමු.

මෙම ගනුදෙනුවට අදාළ ලියකියවිලි

newstube.lk

Related posts

ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සහ තබ්ලික් ජමාත් අතර මාතලේ දී ගැටුමක්

colombotoday

ගූගල් බැලුන් උඩ යැවූ හරීන් ප්‍රනාන්දුට දුෂණ චෝදනා රැසක්….

colombotoday

කරන්න බැරිනම් අපි 225 දෙනාම ගෙදර යමු.

colombotoday

ඉස්ලාම් ආගම අත් හැරි මුස්ලිම් ජාතිකයෙකු සාහසිකව ඝාතනය කරයි : Photos

colombotoday

මහින්ද නැවත ජනාධිපති විය යුතුයි – ඉන්දීය හිටපු ඇමති කියයි

colombotoday

70 වන නිදහස් සමරුවේදී අමුතු නැටුමක් නටන්න යයි..

colombotoday