World

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරණම චන්ද 10 කින් විසදෙයි | යලි ජනපති විය හැකියි.

අමෙරිකාවේ, කැපිටල් ප්‍රහාරයට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධ බවට චෝදනා කරමින් ඔහු වරදකරු කිරීමට අවශ්‍ය එරට සෙනෙට් සභාවේ බහුතර බලය ලබාගැනීමට නොහැකිවී තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව ගෙන ආ චෝදනා තහවුරු කිරීමට සෙනෙට් සභාවේ ඡන්ද 10ක අඩුවක් තිබූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔහු වරදකරු කිරීම සඳහා සෙනෙට් සභාවේ ඡන්ද 67ක් අවශ්‍ය වී ඇති නමුත් ලැබී ඇත්තේ ඡන්ද 57ක් පමණක් බව සඳහන් ය.

පසුගිය ජනවාරි 06 වනදා සිදුවූ කැපිටල් ප්‍රහාරය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙළඹවීම මත ඔහුගේ ආධාරකරුවන් විසින් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබුණි.

කෙසේවෙතත් එල්ල වූ චෝදනා සඳහා ඩොනල්ඩ් ටුම්ප් වරදකරු බවට පත් වූයේ නම් ඔහුට යළි කිසි දිනක ජනාධිපති ධුරයට තරඟ කළ නොහැකි බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

Related posts

ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අධිකරණයෙන් තවත් බාල්දියක්

colombotoday

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින්ගෙන් ජනපති මැදුරට හානි

Admin

ශිෂ්‍යභට උපාධි ප්‍රදානෝත්සවයකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සිරියාවේ 100ක් මරුට

Admin

2023 හොඳම ඡායාරූප ශිල්පිනිය අට හැවිරිදි ජේමී ස්මාට්

Admin