Colombo Today Local News

ජූනි වන විට පාසල් තුන්දහසක් ඩිජිටල් කරනවා – අමාත්‍ය සුසුල් ප්‍රේම ජයන්ත

මෙරට උසස් පෙළ පාසල් තුන්දහසක් ජූනි මාසය වන විට ඩිජිටල්කරණයට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ඊයේ (පෙබ. 5) පැවසීය.

ඊට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව පැවසූ ඇමතිවරයා අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන බව යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකදී සඳහන් කළේ ය.

සෑම අධ්‍යාපන කලාපයක ම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන මීට සමගාමීව යාවත්කාලීන කර ඇති බවද ඔහු වැඩි දුරටත් පවා තිබුනි.

ඉදිරි සති කිහිපය තුළ රටේ සෑම පළාතකට ම ගොස් මේ සම්බන්ධයෙන් සියලු අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට සැලසුම් කර ඇතැයි ද ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

තවද නව තාක්ෂණය සමග ඍජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බව ද ඇමතිවරයා සදහන් කර තිබුනි.

Related posts

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රඳවා ගනී

Admin

ආසාදිතයෙකු වාර්තා වූ පමණින් වෙළඳසැල් හෝ ආයතන දීර්ඝ කාලයක් වසා දැමීමේ අවශ්‍යතාවයක් නැ.

colombotoday

“සුළුවෙන් තකන්න එපා.. ලංකාව ගැන තිතටම සෙවිය යුතුයි” අල් හුසේන්

colombotoday

රන්ජන්ට නිදහස ඉල්ලා ඒක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී !

colombotoday

හතුරුසිංහ ඉවතට…

colombotoday