ඊයේ (03) සවස් කාලයේ ඇල්පිටිය ඇබිත්තන්ගොඩ ඇළේ මව සහ සහෝදරිය සමග දියනෑමට ගොස් දැරියක් දියේ ගිලී මියගොස් තිබේ.
එහිදී මොවුන් තිදෙනාම දියේ ගිලි ඇති අතර පසුව රෝහල් ගත කර ඇත.
එහිදී අදාළ දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ඇය කැටපත, ගනේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවියකි.
මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් ඇල්පිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇයගේ මව සහ සහෝදරිය ද ප්‍රතිකාර ලබිමින් සිටී.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්පිටිය පොලීසිය සිදුකරයි.