Colombo Today Local News

විදුලි බිලෙහි සංශෝධනයක්

ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ න බවක් දැනුම් දේ.

ඒ අද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවය.

ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන කාණ්ඩයේ ඔක්තෝබර් මාසයේ වැඩිකළ සියයට 18ක බිල වැඩිකිරීම සම්පූර්ණයෙන් මෙහිදී අඩුකෙරෙනු ඇත.

එසේම ඔක්තෝබර් මාසයේ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට 12කින් මිල වැඩි කිරීමටද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එසේම ඔක්තෝබර් මාසයේ රජයේ ආයතනවල විදුලි බිල සියයට 24කින් වැඩිකළ අතර එම ප්‍රමාණයද නව සංශෝධනය අනුව අඩු කෙරෙනු ඇති බව සදහන්ය.

Related posts

සේපාල් අමරසිංහ යලි කූඩුවට

Admin

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday

“නව අගමැතිට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් නැහැ”

colombotoday

ජනාධිපති මාධ්‍ය අංශයෙන් භික්ෂුන් වහන්සේලාට එරෙහිව “මඩ” ව්‍යාපාරයක්

colombotoday

මහින්ද රාජපක්ෂ නැති ශ්‍රීලනිපය හිස නැති මළකදක්.. රටටම හඬන්න වෙන දිනය ඉතා ළඟයි

colombotoday

ගැසට්ටුවක් රිවර්ස්

Admin