Colombo Today Local NewsTop StoriesWorld

බොරතෙල් මිලේ දැවැන්ත පහත වැටීමක්!

2021 වසරට පසු වසර 04කින් බොරතෙල් මිල ඉහළම පහත වැටීම වාර්තා කරයි.

ඇමරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වීම මෙම මිල පහළ යාමට හේතුකාරක වී තිබේ.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල 6.68% කින් පහත වැටී ඇති අතර, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ Wඨෛ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 55.60 දක්වා පහත වැටි ඇති බවයි.

ලෝකය කොවිඩ් වසංගතයට මුහුණ දුන් 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 60 ට වඩා පහත වැටුණු පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය කියයි.

පසුගිය සතියේ එක්සත් ජනපදය විසින් නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අඛණ්ඩව පස්වන දිනටත් තෙල් මිල තියුණු ලෙස පහත වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන අතර, ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට පළිගැනීමක් ලෙස චීනය ද එක්සත් ජනපද භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙලෙස බොරතෙල් මිල 7% කින් පමණ පහත වැටීම සිදු විය.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා පැනවූ 104% ක බදු ඊයේ (09) සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

සජිත්ට පක්ෂය කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාසගේ මව හේමා ප්‍රේමදාසගෙන් සහතිකයක්

colombotoday

අල්ලගත්ත වගේ තුන් ගුණයක් ආයුධ හිස්බුල්ලා ළඟ. අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්න හින්දු සම්මේලනය ඉල්ලයි

colombotoday

මහින්දටද? රනිල්ටද? බදියුදීන්ගේ අවසන් තීරණය මෙන්න…

colombotoday

බරපතළ තුවාල සහිතව බොරැල්ල කනත්තේදී හමූ වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති මිය යයි

Admin

“සැත්කමෙන් පසු පුද්ගලික රෝහලකට ගෙන ගියේ ඇයි“ – නාහිමි අපවත්වීම ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් සැක මතුකරයි

colombotoday

නැගෙනහිර පුරාවස්තු රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. ප්‍රධානීත්වය ආරක්ෂක ලේකම්වරයා.

colombotoday