Colombo Today Local News

චම්පික ඉන්නේ 2025 ජනාධිපති වෙන්නයි.. විධායකය අහෝසි කරනවාට ඔහු විරුද්ධ ඒකයි – වියන්ගොඩ

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා අනුමත කරන බවත් එය රට පුරා ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන බවත් පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

මෙම යෝජනාව ජවිපෙ විසින් ඉදිරිපත් කරන තුරු සිටීම ගැන ජනාධිපති වරයා සහ අගමැතිවරයා ලැජ්ජාවට පත්විය යුතු බවද වියන්ගොඩ මහතා ප‍්‍රකාශ කළේය.

විධායක ජනාධිපති තනතුර නිසා රටක් ලෙස ඇතිවිය හැකි ප‍්‍රශ්න ගැන සාකච්ඡා කළ යුතු නමුත් එසේ කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යන ප‍්‍රතිපත්තියේ සිට යැයිද ඒ මහතා කියා සිටියේය.

“චම්පික ඇමතිතුමා කියල තිබුණා විධායක ජනාධිපති ධූරය තව දුරටත් තිබිය යුතුයි කියලා. එතුමා ඉන්නේ 2025 ජනාධිපතිවරණයට තරඟ කරන්නයි. ඒ නිසයි මේ ක‍්‍රමයට විරුද්ධ. හැම දෙනාම තමන්ට හෝ තම පක්ෂයට අත්විය හැකි වාසි හෝ අවාසි තීරණය කරමින් මේ ගැන තීන්දු ගන්නවා. නමුත් පුද්ගලවාදීව බැලීමෙන් ඉවත්වෙලා අනාගත පරම්පරාව වෙනුවෙන් තීරණ ගතයුතු අවස්ථාවයි මේ.

ජනතා විමුක්ති පෙරමුණ මේක ඉදිරිපත් කිරීම කාලෝචිතයි. ඒ ඔවුන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මුලින්ම ලිඛිතව පොරොන්දුවක් දුන් නිසා. ඔවුන්ට මේ ගැන සැබෑ අයිතියක් තිබෙනවා. දැන් හෝ එය ගෙන ඒම හොඳයි.

මෙම කෙටුම්පත ගෙන ඒමේ පළමු වගකීම ඇත්තේ වත්මන් ජනාධිපතිටයි. ඊළඟට ඒ වගකීම ඇත්තේ අගමැතිවරයාටයි. මේ දෙදෙනාම කිහිප වතාවක්ම මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වුණා. ඔහුගේ පක්ෂයත් මේ රටට ඒ පොරොන්දුව දුන්නා. එසේ තිබියදී ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මනිත්‍රී යෝජනාවක් ලෙස මේ යෝජනාව ගෙන ඒම ගැන සතුටු විය හැකියි. යහපාලනයේ වගකීම සැබෑ ප‍්‍රශ්න සාකච්ඡා කරමින් මේ ක‍්‍රමය අහෝසි කිරීමයි.” යැයි ද වියන්ගොඩ මහතා පැවැසීය.

Related posts

මහ බැංකුවේ අලුත් අධිපති දවස් විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා

colombotoday

කථානායක දේශපාලන කුමන්ත්‍රණවලට යොදා ගැනීමට විරෝධය දක්වනවා – දිනේෂ් ගුණවර්ධන

colombotoday

ජනපතිට “වෙඩි තියනවා“ කියා ෆේස්බුකියේ ලියූ තරුණයෙක් රිමාන්ඩ් කරයි !

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සීග්‍රයෙන් ඉහළ යෑම ස්ථිරයි

Admin

රට දැය සමය වෙනුවෙන් කිරිබත්ගොඩ හිමියන්ගෙන් ඉල්ලීම් හතක්…. ගෝඨාභය සාදුකාර දී පිළිගනිති !

colombotoday

පඩි වැඩි කරන්න නම් බදු වැඩි කරන්න වෙයි. – ඇමති බන්දුල කියයි

Admin