Colombo Today Local News

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරු දකී

වෙන්නප්පුව, පේරගස්හන්දිය ප්‍රදේශයේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.

රන් මාල කොල්ලයක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) පස්වරුවේ ගොස් ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී, අදාළ පුද්ගලයා විසින් පොලිස් නිලධාරීන්ට කඩුවකින් පහරදී ඇතැයි, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.

පහරදිමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා සැකකරුට වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

වෙඩි වැදි තුවාල ලැබූ සැකකරු රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇතැයි, පොලීසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related posts

“වියදම් ගැන මම බලාගන්නම්.. අපි මේක කරමු බොස්” – ඇලෝසියස්ගේ ගිණුමෙන් මකා දැමුණු පණිවුඩයක් හමුවෙයි

colombotoday

ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළ කුෂාන්ට ඇප

Admin

ඉන්දියාවේ දී හොරකමේ ගිය ලාංකික හොරු 4ක් අත්අඩංගුවට

Admin

රැඳවියන් බැලීමට සතියකට දින දෙකක් අවසර

colombotoday

අලියා වෙනත් පක්ෂයකට දෙන්න බැහැ – අකිල විරාජ් කාරියවසම්

colombotoday

අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක හිමිත් ලේකම් හිමිවරු ඊයේ දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරති

colombotoday