Colombo Today Local News

විදුලිබල මණ්ඩලයෙන් ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 9000 ක පොල්ලක්. – බලාගාරවලට දැවිතෙල් ලබාදීම නවත්වයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 9000 ක ණය මුදල්වලින් කොටසක් හෝ ගෙවීමට අපොහොසත් වීම නිසා බලාගාරවලට දැවිතෙල් ලබාදීම නතර කළ බව තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසූ බව අද ‘‘දිවයින’’ පුවත්පත වාර්තා වාර්තා කර ඇත.

මීට මාස හතරකට පමණ පෙරාතුව තෙල් සංස්ථාව නිල වශයෙන් විදුලිබල මණ්ඩල පාලනාධිකාරියට දැනුම් දුන් බවද ඒ මහතා කීය.

ණයට ගත් ඉන්ධන වෙනුවට අඩුම තරමින් යම්කිසි ආකාරයකින් ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප‍්‍රමාණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් අනෙක් රාජ්‍ය ආයතනයක පාඩු තම ආයතනය දරමින් අර්බුදය තව තවත් උත්සන්න කර ගැනීම තේරුමක් නැති දෙයක් බවත් ඒ මහතා පැවසීය.

ඒ අනුව බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් හා ඞීසල් සැපයීම ඉබේම නතර වූ බවත් මේ වනවිට සංස්ථාව සතු දැවිතෙල් ප‍්‍රමාණය ඉතා සීමා සහිත මට්ටමට පත්ව ඇති බවත් සුමිත් විජේසිංහ මහතා තවදුරටත් කීය.

Related posts

මල්ලවපිටියේ ගලි වලක ගිනි අවි සහ ආයුද තොගයක්

Admin

ජාතික ආරක්ෂක සමුළුවට ජනපති එක් වෙයි

Admin

පුදුකුඩියිරුප්පු හි රිය අනතුරකින් තරුණයෙක් මරුට

colombotoday

ශ්‍රීලනිපය දෙකඩයි.. වගකීම මෛත්‍රී භාරගත යුතුයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

“එදා වෙඩි ප්‍රහාර වෙනුවට අද ජල ප්‍රහාර.. ඒකයි වෙනස, සමහරුන්ට ඉරිසියයි“ – ඇමති රංගේ

colombotoday

ආණ්ඩු පක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday