Colombo Today Local NewsTop StoriesUncategorized

මහ රෑ වැදුණු මෝටර් රියේ රියදුරු බීමතින්! පිටුපස දේශපාලන ප්‍රබලයෙක්? කැබියෙන් හමුවුණු අවිය කාගේද?

ඉකුත් මාර්තු 30 වනදා රාත්‍රී 7.55ට පමණ පොලිස් 119 ඇමතුම් මැදිරියට ලද ඇමතුමකට අනුව අඹතලේ, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ජල පොම්පාගාරය අසලට ගිය පොලිස් නිලධාරීන්ට දැකගත හැකිවූයේ අනතුරට පත් ත්‍රීරෝද රථයක් සහ, හොන්ඩා ග්‍රේස් වර්ගයේ කළු පැහැති මෝටර් රථයකි. රියදුරු අනතුර සිදු කොට පළාගොස් සිටි අතර මඳ වේලාවකට පසු ඔහු පොලිස් ස්ථානයට භාර වී ඇති බව සැල විය.

මේ අතර අනතුරට පත් රථය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට දැකගත හැකිවූයේ එහි කැබිහෝලය තුළ තිබූ 9mm වර්ගයේ ගිනිඅවියකි.

මේ සම්බන්ධයෙන් රථයේ රියදුරු බව කියන පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ ඔහු ප්‍රධාන දේශපාලන පක්ෂයක ඉදිරිපෙළ සාමාජිකයෙකුගේ ලේකම්වරයා වන බවයි. එසේම, එකී ගිනිඅවිය ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ එකක් බවත්, එහි බලපත්‍රය තමා සතුව පවතින බවත් ඔහු ප්‍රකාශ කොට තිබේ.

එහෙත් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී එය මෙම වසර සඳහා ලියාපදිංචි කර නොමැති බවට අනාවරණය වී තිබෙන අතර, වාහනයේ ඉදිරිපස ප්‍රදර්ශනය කොට තිබෙන ආදායම් බලපත්‍රයේ පිටපතද 2023 වසරේ නිකුත් කරන ලද්දක් බවට එහි ගිය අප වාර්තාකරුට දැක ගැනීමට හැකි විය.

රියදුරා ලෙස ඉදිරිපත් වූ අදාල පුද්ගලයා බීමත්ව රිය ධාවනය, රිය අනතුරක් වලක්වා නොගැනීම සහ බලපත්‍ර නොමැති ගිනි අවියක් ළඟ තබාගැනීම යන චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඡායාරූප සහ එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

Related posts

පොහොට්ටුවේ මඩ බලකාය අපිට ෆේස්බුක් එකේ මඩ ගහනවා.. ජවිපෙ රහස් පොලිසියට පැමිණිලි කරයි

colombotoday

පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපා

colombotoday

අප්‍රේල් පළමුදා සිට ළමා ඉතුරුම් ගිණුම්වලින් රජය 5%ක බද්දක් අයකරලා

colombotoday

පාන් ආඥා පනත අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

එජාප ප්‍රතිසංවිධාන ඇරඹෙයි.. සාමාජිකයන්ට ඩිජිටල් හංවඩුවක් !

colombotoday

වයස 14 සිසුවාට හදි කළ පොහොට්ටු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට….

colombotoday