විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් හයක ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයින් 22 දෙනෙකු රෝහල්ගත කෙරුණු බවයි.
අදාළ ගොඩනැගිල්ලේ තිබූ ආපන ශාලාවක හටගත් ගින්න සීඝ්රයෙන් අනෙක් මහල්වලටද පැතිරී ගොස් ඇතැයි විදෙස් වාර්තාවල
වැඩිදුරටත් සඳහන් ය.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 13 ක් යෙදවීමට සිදුවූ බව එරට බලධාරීන් සදහන් කළේ ය.
ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.