Colombo Today Local News

මහපොළ අරමුදලින් හැදු මාලබේ ස්ලිට් එක අයතා ලෙස බැහැර කරලා. | අරමුදලේ රුපියල් බිලියනයකට වැඩි මගඩියක්.

පසුගිය රජය සමයේ සිදුව ඇති මහපොළ භාරකාර අරමුදලේ මුදල් රුපියල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් අයථා පරිහරණය සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයක, අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය. ඒ සම්බන්ධයෙන් අපක්ෂපාති විමර්ශනයක් සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

ප්‍රමාදයකින් තොරව මහපොළ ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරන බවත්, හිඟ වාරික සියල්ලම ගෙවා අවසන් බවත් හෙතෙම පැවසීය. එමෙන්ම මහපොළ භාරකාර අරමුදල සංවර්ධනය කිරීම සඳහා පක්ෂ විපක්ෂ දේශපාලඥයන් සහ ජනතාව සමඟ එක්ව නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

නවක වධයට බිලි වූ සබරගමුව සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයක් උපකුලපතිටත් නඩු දමන්න – ඇමැති පොලිස් කොමිසමෙන් ඉල්ලයි

colombotoday

මැතිවරණය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්

Admin

අද සිට යළි විදුලිය කැපෙයි

colombotoday

හැට්ටකටු ගිල රෝහල් ගත කර ඉද්දී පැන ගිය සැකකරු අල්ලයි

Admin

ජනපතිගේ දොස් මුරයෙන් ශ්‍රී ලංකන් තීරණයක් ගනී.. ‘බල්ලෙකුටවත් කන්න බැරි කජු‘ භාවිතයෙන් ඉවත් කරයි..

colombotoday

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday