Colombo Today Local News

ගාල්ලේ පාසල් තවදුරටත් වසා තැබීමේ තීරණයක්

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ලබන 11වන දින දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පැවසුවේ එම පාසල් ලබන 14 වන සඳුදා දිනයේ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් ඊයේ (07) දිනයේ සිට හෙට (09) දිනය දක්වා දින තුනක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබුණි.

කෙසේවෙතත් අද (08)දින පැවති සාකච්ඡාවකදී එම පාසල් ලබන සිකුරාදා දිනය දක්වා වසා තැබීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේය.

Related posts

ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය 21 දා !

colombotoday

තිදරු මවකගේ අසම්මත පෙම මරණින් කෙලවර වෙයි

colombotoday

ආර්ථිකයට දායකත්වයක් දක්වන සතුන් ගැන සංගණනයක් කරන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

colombotoday

හොංකොන් ජාතිකයින් දෙදෙනෙකු රැඳි සිටි හෝටලයක් මුද්‍රා තැබේ

colombotoday

උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න : දුම්වැටියකින් ඇති වූ බවට වන මතය බැහැර කළ නොහැකි

colombotoday