Colombo Today Local News

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

මගී ගුවන් යානා සදහා පනවා තිබූ තහනම අවසන් කිරීමෙන් පසුව, අද උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට, මගී ගුවන් යානා 29 කින් ගුවන් මගීන් 2,068 දෙනකුට මෙරටට පැමිණ ඇතැයි තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා සදහන් කරයි.

සෞදි අරාබියේ රියාද් සිට 103 දෙනකු ද, කටාර් රාජ්‍යයේ දෝහා සිට 135 දෙනකු ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 116 දෙනකු ද මෙසේ පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 69 දෙනකු ද මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණ ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. .

මෙසේ පැමිණි සියලුම ගුවන් මගීන් දින 14 ක කාළයක් නීරෝධායනය සදහා යොමු කරන අතර, මොවුන් පී.සී.ආර්.පරීක්ෂණ 02 කට ද සහභාගී විය යුතුය.

මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 963 දෙනකු, ගුවන් යානා 11 කින් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි.

Related posts

ඉන්ධන මිල වැඩිකිරීමට යෝජනා කරලා..

colombotoday

විමල්ට සෙත් පතන්න ඥාණසාර හිමියෝ වැලිකඩ වඩිති !

colombotoday

ජාතිවාදී ගිනි අවුලන විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

colombotoday

මැතිවරණ කොමිසමට අලුත් මුහුණක්

Admin

පැය 48ක් ඇතුළත ඇමති මණ්ඩලය පත්කර අතුරු සම්මත ගිණුමක් ගේනවා

colombotoday

මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ

colombotoday