පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදීමට කටයතු කරන ලෙස සඳහන් කරමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් ඒකාබද්ධ ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ.
එසේම මේ පිළිබඳව කඩිනමින් කටයුතු නොකර මහජනතාව අතර යම්කිසි නොසන්සුන්තාවක් ඇතිවුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවත් එම ලිපියේ දැක්වෙයි.