Colombo Today Local News

ආණ්ඩුකාර නියෝගයෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසුරුවා හැරේ

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසුරුවා හැර තිබේ. ඒ පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ නියෝගයකට අනුවයි.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම, මාරු කිරීම හා උසස් වීම් සම්බන්ධයෙන් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව දක්වා ඇති අකර්යක්ෂමතාවය හේතුවෙන් බව වාර්තා වේ. මධ්‍යම පළාත තුල රෝහල් පාසල් හා අනෙකුත් රාජ්‍ය ආයතන වල පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතින නමුත් එම පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිසි උනන්දුවක් නොදක්වන බවත් ජනතාව ගැන සිතා කටයුතු කිරීමට එකී නිලධාරීන් දැඩි මැලිකමක් දක්වන බවත් මේ පිළිබඳව විමසීමේදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්බන්ධයෙන් හා ඔවුන්ගේ අකර්යක්ෂම ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමාට පැමිණිලි රැසක් රාජ්‍ය සේවකයින්ගෙන් මෙන්ම මහජනතාවගෙන්ද ලැබී ඇති බව ආණ්ඩුකාරවරයා පැවසීය.

තව දුරටත් මේ පිළිබඳව විමසීමේදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ අදාළ කොමිෂන් සභාවට විරුද්දව ලැබී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා අසාධාරණයට ලක්ව ඇති සියලු දෙනාට සාධාරණය ඉටු කරන බවත් නැවත ඉතා කඩිනමින් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත්ආණ්ඩුකාරවරයා පැවසීය.

Related posts

සහල් නැව ප්‍රමාදයි.. රටටම හාමතේ ඉන්න වෙයි !

colombotoday

“ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකළොත් ජනපතිට එරෙහිව ජනබලයක් ගොඩ නගනවා” – රතන හිමි පරල වෙයි

colombotoday

“ඡන්ද කාලේ කියපුවා ගණන් ගන්න එපා.. පෝර්ට් සිටිය හොදයි” – ඇමති එරාන්

colombotoday

ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන සිරකරුවෙක් නෑ – ජනපති බීබීසීයට කියයි

colombotoday

ජනතාවට සේවය කරන්න ආව මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද?

colombotoday

18 හැවිරිදි තරුණියක් සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට

Admin