Colombo Today Local News

මාධ්‍ය හමුවකදී අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට අදාළ විමර්ශන අවසන්

අත්අඩංගුවේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ඉකුත් මාර්තු මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි නීතිපතිවරයා අද (14)දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

ඒ, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අසාද් සාලි මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් ඉදිරි සතිය තුළ මෙම උදෘත පරීක්ෂාකර චෝදනා ගොනු කිරීමට හැකියාවක් තිබේ ද? යන්න තීරණය කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දී ඇත.

මෙහිදී විනිසුරු දෙහිදෙණිය මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළේ, මාවනැල්ල බුදු පිළිමවලට එල්ල කළ ප්‍රහාර සිද්ධියට අදාළව මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවදුරටත් පැවැත්වෙන බවද පවසා තිබේ.

අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන 28 වනදා තෙක් කල් තැබුණි.

Related posts

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Admin

රක්ෂිතයක් එලිපෙහෙලි කල 12 ක් අත්අඩංගුවේ. මුදා හරින්නැයි TNA මන්ත‍්‍රගෙන් පොලිසියට බලපෑම්

colombotoday

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ වාහන ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි

colombotoday

ශ්‍රීලනිප මීළග ජනපති අපේක්ෂක ධුරයත් මෛත්‍රීට – යෝජනාව ස්ථීර වෙයි

colombotoday

ඥානසාර හිමිට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක්

colombotoday

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

colombotoday