Colombo Today Local News

කැනඩා යවන බව පවසා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් කැනඩා යවන බව පවසමින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචාකල ද්විත්ව පුරවැසි භාවය සහිත කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය කැනඩාවේ ගණකාධිකාරි වරියක් ලෙසින් සේවය කරන බවත්, මාළඹේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බවත් පොලිසිය කීය.

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි හතරක් ලැබී ඇති බවත් දිවයිනේ තවත් පොලිස් ස්ථාන රෑසකට පැමිණිලි ලැබී ඇති බවත් උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකාරිය වසර අටක පමණ කාලයක් පොලිසිය මගහරිමින් සැගව සිට ඇති අතර වෙනත් පොලිස් කටයුත්තක් සදහා යමින් සිටියදී මාළඹේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි.

Related posts

මගේ ප්‍රතිවාදියා වී ගොවීන්ට නොමිළේ පොහොර දෙනව කියනවා… මම සියළුම ගොවීන්ට නොමිළේ පොහොර දෙනවා !

colombotoday

පණත සම්මත කරාට කොටින්ට වන්දි ගෙවන්න බෑ…

colombotoday

දේශයට නිදහස දුන් මානුෂීය මෙහෙයුමේ සත්‍ය කතාව සෙන්පති කමල් ගුණරත්න අද හෙළි කරයි

colombotoday

බොදුබල සේනා ඇතුළු ජාතික සංවිධාන ගැන ඉදුරාගාරේ ධම්මරතන හිමිගෙන් හෙළිදරව්වක්

colombotoday

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනපති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

colombotoday