Colombo Today Local News

පුද්ගලයෙකු අඩ නිරුවත් කර පහර දි දර්ශන මුහුණු පොතට එක්කල සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

මුදල් ගණුදෙණුවක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අඩ නිරුවත් කර අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිව්දෙනෙකු (23) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරිඩ් ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් මේ මස (25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි අරුෂ් කුමාර් (24) , ආර්.පුෂ්පනාත් (41) , ඒ.ගවස්කාර් (37) ,එස්.පරමභවන් (34) යන අයයි.

මෙම සැකකරුවන් සිව්දෙනා මස්කෙලිය නගරයේ නටාබිවරයෙකු වශයෙන් කටයුතු කල අයෙකුට මුදල් ගණුදෙණුවක් සම්බන්ධයෙන් ඉකුත් (20) දින අල්ලා එක් සැකකරුවෙකුගේ වෙලදසැලට රැගෙන ගොස් අඩ නිරුවත් කර අමානුෂික ලෙස පහර දි එහි දර්ශණ ජංගම දුරකථනයෙන් පටිගත කර මුහුණු පොතට එක් කිරිම සම්බන්ධයෙන් හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ උපදෙස් මත මස්කෙලිය පොලිසිය විසින් විමර්ෂණයක් සිදු කර සැකකරුවන් සිව්දෙනෙකු (23) දින අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.
සැකකරුවන් අදාල පුද්ගලයාට පහර දි අඩ නිරුවතින්ම ත්‍රිරෝද රථයේ නංවාගෙන නගරයෙන් පිටතට ගොස් ඔහුට නිවසට යන ලෙස පවසමින් ත්‍රිරෝද රථයෙන් බස්සවා ගොස් ඇත.

අදාල ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර , එම දර්ශන මුහුණු පොතට එක්කල සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, එම සැකකරුද අත්අඩංගුවට ගැනිමට නියමිත බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

අගමැතිගෙන් පවරාගත් ආයතන දෙකක් ජනපති යටතට…

colombotoday

ෂර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් නෙරපයි

colombotoday

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Admin

රටම හිනැස්සූ සුනිල්ගේ මුවට සිනාවක් දෙන්න ඇමති ගයන්ත යයි

colombotoday

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday

“සජිත් ප්‍රේමදාස 2020 ජනාධිපතිවරණයට කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නෑ. පක්ෂපාති මන්ත්‍රීවරුන් අමාරුවේ වැටෙනවා”

colombotoday