Colombo Today Local NewsUncategorized

මහබාගේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය දා මහබාගේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන යුද්ධ හමුදා කොප්‍රල්වරයෙකි.

යුද්ධ හමුදාව සඳහන් කළේ, සැකකාර සෙබළා 4 ගැමුණු හේවා බළකායට අයත් අම්බලන්ගොඩ, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය.

ඔහු ඊයේ (පෙබ. 23) යුද්ධ හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට යාමේදී රාත්‍රී 11:35ට පමණ කඳවුරෙන් පැන ගොස් ඇත.

අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය මගින් රාත්‍රියේ සිට ප්‍රදේශය පුරා සිදුකරනු ලැබූ මෙහෙයුමකදී එම සෙබළා අද උදෑසන 10:45ට පමණ අම්පාර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි යුද්ධ හමුදාව පැවසීය.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාර දීමට නියමිත ය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණු අතර සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබිණි

Related posts

ලෝකය දිනා වාසි මල්ලක් අරන් අගමැති එයි!

colombotoday

ගුරු වෘත්තිය සමිති හා අධ්‍යාපන ඇමති අතර අද විශේෂ සාකච්ඡාවක්

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

හොරෙන් බදු ගහන්න ගිහින් තිබ්බ ටිකත් නැතිවුණා.. නීතිය හා පිළිවෙල ගැන මේ ආණ්ඩුව උගන්වන්න වෙනවා

colombotoday

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

වළකට වැටී ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් ගිහින්

colombotoday