Colombo Today Local News

තම දරුවන් විදෙස්ගත වීමට නියමිත ව ඇති නම්, ඒ ගැන නිවැරදිව සොයා බලා කටයුතු කරන්න – ජානක බණ්ඩාර

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසන්නේ මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුර වෙත තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් දෙකක් පැමිණිමට නියමිතව ඇති බවට තමාට වාර්තා වූ බව යි.

තානාපතිවරයා පවසන්නේ එම කඳවුරේ දැනට රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට නොහැකි පසුබිමක තවත් කණ්ඩායමක් එම කඳවුරට පැමිණීමෙන් ගැටලුව විසඳීම අසීරු වන බවයි.

තම දරුවන් විදෙස්ගත වීමට නියමිත ව ඇති නම්, ඒ ගැන නිවැරදිව සොයා බලා කටයුතු කරන ලෙස මෙරට වැඩිහිටියන්ගෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ඉල්ලා සිටියි.

මේ අතර, විදුලි සැර වැද්දවීම, කසයෙන් තැලීම වැනි වධ හිංසා දීම ත්‍රස්තවාදීන් තවත් වැඩිකර ඇති බව ග්‍රහණයේ සිටින ලාංකික‍යෝ පවසති.

Related posts

පොලිස්පතිගේ කැපිල්ලට කොමිසමේ දැඩි අප්‍රසාදය

colombotoday

දිවා රෑ නිදි නොලබා දැනුම බෙදමින් සොයා ගත් දෑ දැන් ගිනි ගනිමින් තිබේ. – දිවි ඇති තුරා දේශපාලනයට නොඑමි !

colombotoday

අක්කර 600 ක් විතරක් බෑ. අපිට සේරම ඕනි – විග්නේෂ්වරන්

colombotoday

ප්‍රධාන රෝහල් ළඟ බෞද්ධ කාන්තාවන්ට පමණක් නොමිළේ කෑම දෙන මේ අය කවුද?

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් හඳුනා ගන්න ඇප් එකක්

colombotoday

ටී එම් වී පි මහලේකම් අත්අඩංගුවට

colombotoday