Colombo Today Local News

හොරෙන් බදු ගහන්න ගිහින් තිබ්බ ටිකත් නැතිවුණා.. නීතිය හා පිළිවෙල ගැන මේ ආණ්ඩුව උගන්වන්න වෙනවා

common oppositionහොර පාරෙන් බදු ගහන්න ගිහින් ආණ්ඩුවට ලැබුණු බදු ටිකත් නැතිවුණු බව ජානිපෙ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මේ අය රටේ නීතිය හෝ රාජ්‍ය පාලනය ගැන අයයන්න,ආයන්න හෝ නොදන්නා බව වීරවංශ මහතා කියා සිටියේ ඊයේ (09)කොළඹදී ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

ප්‍රථමයෙන්ම මෙම පනත අධිකරණය විසින් බල රහිත කළ පසු බොරුවට තවත් පනතක් ගෙන ආ බවත්, ඒකට හෝ කැබිනට් අනුමැතිය ලබාගැනීමට හැකිනොවුණු බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

එම නිසා වත්මන්හි ආණ්ඩුකරන අයට නීතිය හා පිළිවෙළ සම්බන්ධයෙන් වෙනම පාඨමාලාවක් පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු ඒකාබද්ධ විපක්ෂයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා කියා සිටියේ වැට් බදු සංශෝධන පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙනු ලැබුවේ බරපතළ තීන්දුවක් බවයි.

ජනතාවට අහිතකර මෙම බදු පනත බල ශුන්‍ය ආපසු හැරවීමට හැකිවීම ජනතාවගේ ජයග්‍රහණයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යංශය එක්ව ගෙන එනු ලැබූ ජනතාවට අහිතකර වැට් බදු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්,පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලටත් පටහැණි බවයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් වැට් බදු සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන විට එය කාගේ හෝ කොන්ත්‍රාත්තුවකැයි එදා ඇතැමුන් චෝදනා කළ බවත්,එය වෙන කාගේවත් නොව ජනතාවගේ කොන්ත්‍රාත්තුවක් බව අද වනවිට පැහැදිලිවන බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

යළි වරක් අලුත් පනතක් ලෙස මෙම පනත ගෙන ඒමට කටයුතු කරන්නේද නැද්ද යන්න ආණ්ඩුවේ වගකීමක් බව කියා සිටි මන්ත්‍රීවරයා කවදා නමුත් යළි පනත ගෙන එනවිට තවදුරටත් එය අහිතකර තත්ත්වයක පවතීනම් එදිනටද මීට එරෙහිව පෙනී සිටින බව අවධාරණය කළේය.

කෙසේ වෙතත් ජූලි 11 සිට නැවත නව පනතක් බලාත්මක කරනතුරු වැට් බදු අයකිරීමට ආණ්ඩුවට හැකියාවක් නැති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ ආකාරයට බදු පනත් පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ බවට අග්‍රාමාත්‍යවරයා විසින් අද පාර්ලිමේන්තුවේදී කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳ මෙහිදී මාධ්‍යවේදීන් විසින් විමසන ලදුව විමල් වීරවංශ,බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ එසේවීනම් ඒ කාලයේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමෙන් ඔහු විසින් විපක්ෂ නායකකමේහෝ නිසි ලෙස කටයුතු කර නැති බවයි.

Related posts

මේ වසරේ දී පමණක් පුත්‍රයින්ගේ පහරදීමෙන් පියවරු 6ක් ඝාතනය වෙලා.

colombotoday

ස්වාධීන රතන හිමි ජනපති ව්‍යාපෘතියේ ගොයම් නෙලයි !

colombotoday

වැලිකඩ ගිය තිළිණි ළග දුරකථනයක්

colombotoday

මනෝ, හකීම්, පාඨලී සජිත් සමග එක්වෙයි !

colombotoday

ඊළම දෙන්න කුමන්ත්‍රණය කරන පාර්ලිමේන්තුවේ 4ක් ගැන හේමකුමාර හෙළිකරයි

colombotoday

හිටපු නීතිපති දප්පුලගෙන් පෙත්සමක්

Admin