Colombo Today Local News

අරගලකරුවන් පස්දෙනෙක් නුවරඑලියේ සැඟව සිටියදී අත්අඩංගුවට

අරගලයට සම්බන්ධ බවට සැකකරන තරුණයන් පස්දෙනෙකු (30) දින රාත්‍රියේදි නුවරඑලිය කළුකැලේ බොනස්ටා ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

අරගලයට සම්බන්ධ වි කොළඹ ජනාධිපති මැදුරට පහර දි අලාභ හානි සිදු කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනිම සදහා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නුවරඑලිය පොලිසිය ලබාගත් වරෙන්තුවක් ක්‍රියාත්මක කිරිමට සැකකරුගේ නිවසට යනවිට එම නිවසේ තවත් තරුණයන් සිව්දෙනෙකු රැදි සිටි බවත්, එම තරුණයන්ගෙන් ප්‍රශ්න කිරිමේදි අරගලයට සම්බන්ධ අයවරුන් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා නිසා සැගව සිටිමට එම පිරිස නුවරඑලිය ප්‍රදේශයට පැමිණි බව පැවසිම නිසා එම තරුණයන් සිව්දෙනාද සැකපිට අත්අඩංගුවට ගත් බවයි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය .

නිවසේ සැගව සිට අත්අඩංගුවට ගත් සැකකරුවන් බිංගිරිය , ගොතටුව , කළුතර සහ නුවරඑලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නුවරඑලිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

කටුනායකදී ලෙබනන් ජාතිකයෙකුගේ ඩොලර් 14,000ක් සොරා ගත් චීන ජාතිකයෙකු සොයා විමර්ශන..

Admin

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාව ජනතා අවධානය වෙනතකට යොමු කරන්න ගෙතූ සුරංගනා කථාවක්ද?

Admin

ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කරන්න – කෝප් කමිටුව දැනුම් දෙයි

colombotoday

(Video) අත්අඩංගුවට ගත් හිලෑ අලි පැටියෙකුගේ කකුල් කඩලා, අලි සම්පත විනාශ කරන්න NGO සමග ඇමතිත් වැඩ – හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය

colombotoday

‘අර්ජුන් දඩුකදේ ගැසිය යුතුමයි’ – ශ්‍රීලනිපය නැවතත් කියයි

colombotoday

කංසා වගාව නීතිගත කරන්න. උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතුයි. | මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම. සජබ මන්ත්‍රිනි ඩයනා කියයි

colombotoday