Colombo Today Local News

අම්මා රට ගිය පසු පියා නව හැවිරිදි දියණියව අඹුකමට අරන්

තම නව හැවිරිදි බාලවයස්කාර දියණිය 2019 වසරේ සිට අවස්ථා කීපයකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන හතළිස් නව හැවිරිදි පියෙකු පෙරේදා (9) සවස ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් කුඩා ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කුඩා ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ ගම්වැසියන් කීපදෙනෙක් විසින් පොලිසිය වෙත නිර්නාමිකව යොමුකළ ලිපියකට අනුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ පාසලක හතර වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වින්දිත දැරියගේ මව 2019 වසරේ ගෘහ සේවය සඳහා විදේශගතව සිටින අතර තමා යළි මෙරටට පැමිණෙන තෙක් දැරිය රැක බලා ගැනීම සඳහා මව විසින් රැකියා විරහිත සිය සැමියා හට භාර දී ගොස් තිබිණි.

එසේ සිටින අතරතුර සැකකාර පියා විසින් තම දැරිය මෙලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව ගලෙන්බිඳුණුවැව පොලිසිය දැරියගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

සැකකරු ඊයේ (10) අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related posts

දෙමළ ජනතාවට අනුර තර්ජනය කරලා

Admin

ගුරුකන්ද විහාරස්ථානයට බුදුපිළිමයක් වැඩවීම ගැන ටී.එන්.ඒ. මන්තී‍්‍රවරු කුලප්පු වෙති

colombotoday

රජයේ සහන ප්‍රමාණවත් නෑ.. දන්සැල්, මුදල් අවතැන්වූවන් වෙනුවෙන් ලබා දෙන්න

colombotoday

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday

කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම…

colombotoday

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin