Colombo Today Sports News

ලංකා ප්‍රිමියර් ලීග් වේගවත්ම අර්ධ ශතකය ඇන්ඩ්‍රි රසල්ගෙන්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 34ක ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් විය.

හම්බන්තොට පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ ආරම්භය පැය 3කින් පමණ ප්‍රමාද වූ අතර ඒ හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 5කට සීමා විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ ගෝල් ග්ලැඩියේටර්ස් නායක ශහිඩ් අෆ්රිඩි.

ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කලම්බු කිංග්ස් කණ්ඩායමට ලබා දුන් අතර, කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 5 නිමා කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 96ක් ලබා ගනිමින්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩ්‍රි රසල් පන්දු 19කින් නොදැවී ලකුණු 65ක් ලබා ගත් අතර, ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 14ක් පමණක් වැය කරමින්.

එය 20යි 20 පිටියේ වාර්තා වූ පස්වැනි වේගවත්ම අර්ධ ශතකය වීම ද විශේෂත්වයකි.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

Related posts

හතුරුසිංහ යන්න බෑ කියයි. ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිඥ සහය පතයි

colombotoday

අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම චතුරංග ලක්මාල්ට

colombotoday

ලංකාව මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලබයි.. 2019 ලෝක කුසලානයට සුදුසුකම් නෑ !

colombotoday

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය නිදහස් කුසලාන 2020 අවසන් මහා තරගයට…

colombotoday

නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකළ ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.සී.සී. යෙන් දඩයක්

colombotoday

ශ්‍රී ලංකාව-සිම්බාබ්වේ තුන්වැනි එක්දින තරගය නොමිලේ බලන්න අවස්ථාවක්

Admin