Colombo Today Sports News

විස්සේ කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන තීරණාත්මක තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව්වන තරගය අද (01)දින එංගලන්තයට සමග පැවැත්වෙයි.

සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතය.

සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග 3න් 2ක් පරාජයට පත්විය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය පිළිබඳ සුළු හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද එංගලන්තය සමග පැවැත්වෙන තරගය අනිවාර්යෙන් ජයගත යුතුය.

එංගලන්තය මේ දක්වා සුපිරි 12 වටයේදී සහභාගි වූ තරග 3ම ජයගෙන පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා 20-20 තරග 12ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක්ම එංගලන්ත කණ්ඩායම විසින් ජයගෙන ඇත.

ඉතිරි තරග 4 ශ්‍රී ලංකාව විසින් ජයගෙන තිබේ.

Related posts

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

colombotoday

ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝ

colombotoday

බංග්ලාදේශට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

අවසන් තරගය අද

Admin

වෙරළ වොලිබෝල් පාඨමාලාවකට අයැදුම්පත් කැඳවයි

colombotoday