අවිස්සාවේල්ල තල්දූව ප්රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අන්තවාදී අදහස් ප්රචාරය කිරීමට සැකපිට මොහොමඩ් රශිම් නැමැති 36 හැවිරිදි අයෙකු ඊයේ (30) සිතාවක පොලිස් අධිකාරී කාර්යාලය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ වියතුන්ගේ සංගමයේ සාමාජිකයින් සඳහා නිකුත් කරණ හැඳුනුම්පතක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
නින්දවූර් ප්රදේශය කලක් වාසය කර තිබූ ඔහු අවිස්සාවේල්ල ප්රදේශයට පැමිණ තල්දූව ප්රදේශයේ මුස්ලිම් ගුරුවරයකු ලෙස කටයුතු කර සිට ඇත. මෙහිදී අන්තවාදී අදහස් ප්රචාරණ කටයුතු සඳහා භාවිතා කරන ලද මෙවලම් රැසක් ද පොලිස් භාරයට ගැනුණි.