Colombo Today Local News

උගතුන්, බුද්ධිමතුන් හොයන පාර්ලිමේන්තුවට, කෑගල්ලෙන් අංක 1න් උගත් තරුණ නායකත්වයක් !

කෑගල්ල දිස්ත්‍රික්ක ජනතාවගේ බලාපොරොත්තු ඉහළ නංවමින් තරුණ, උගත් නායකත්වයක් මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අංක 1 යටතේ නාමයෝජනා ලබා දී තිබෙනවා.

ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අජිත් ශ්‍යාමින්ද මහතායි. දැක්මක් ඇති, උගත්, තරුණ නායකයන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයැයි පොදු ජන මතයක් ගොඩනැගී තිබෙන මොහොතක, දේශපාලන අත්දැකීම් ලත් තරුණ නායකයෙකු ලෙස මොහු කෙරෙහි සුවිශේෂී අවධානයක් හා මහජන විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග විපක්ෂ දේශපාලනයේ අසීරු අවස්ථාවල නොවෙනස්ව රැදෙමින්, ජනතාවගේ අභිලාෂයන් පාවා නොදුන් මොහු ජාතික දේශපාලනයේදී මෙන්ම පසුගිය සමයේ රටට එරෙහිව දේශීවය හා විදේශීය වශයෙන් එල්ලවූ බලපෑම්වලට එරෙහිව පෙනී සිටිමින් කෑගලු ජනතාව අතර දේශ හිතෛශී මතවාදයත් ගොඩනැගීමටද සුවිශේෂ කාර්යභාරයක් ඉටුකලේය.

දෙහිඕවිට ප්‍රාදේශීය සභාවෙන් තම දේශපාලනයට අත්පොත් තැබූ ඔහු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙකු ලෙස හා තුන් වරක් පළාත්සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතවෙමින් තම බල ප්‍රදේශයන්හි සුවිශේෂී සේවාවක් ඉටුකල අයෙකු ලෙස ජනාදරයට පත්විය. එමෙන්ම කිසිදු අල්ලස් හෝ දූෂණ චෝදනාවකට ලක් නොවී විශිෂ්ඨ සේවාවක් සිදුකල තරුණ ජනතා නායකයෙකු ලෙසද හෙතෙම ජනතාව අතර ප්‍රසාදයක් දිනා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැරණියගල ආසන සංවිධායක ලෙස නායකකත්වය දෙමින්, ග්‍රාමීය ජනතාවගේ අභිලාෂයන්, සිතුම්පැතුම් තේරුම්ගත් තරුණ දේශපාලනඥයෙකු වශයෙන් මෙවර මැතිවරණයේ දී කැපී පෙනෙන චරිතයක් වනු ඇතැයි ජනතාව සදහන් කර සිටිති.

නිශාන්ත කේ හේරත් – කෑගල්ල

Related posts

රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශය අපයෝජනය කරලා “ඇමතිකමෙන් නෙරපනු” දොස්තර සංගමය වැඩ වර්ජණයක

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකුණයි

colombotoday

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායකදී අල්ලයි

colombotoday

ව්‍යවස්ථා කෙටුම්පත ඉක්මනින් විවාදයට ගන්නා බව විදේශ ඇමති බ්‍රිතාන්‍යයේදී පොරොන්දු වෙයි

colombotoday

හිමිනමගෙන් කෝටි 2ක් ඉල්ලා පුත්තලම දිසා ලේකම් එන්තරවාසියක් යවලා

colombotoday

ශ්‍රී මහා බෝ මලුව අඩියක් ගහන්න ඉල්ලු, ඩබ්. ජයසිරි ජනපති අතින් සම්මාන ගැනීමට බෑ කියයි

colombotoday