Colombo Today Local News

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලය පොදු අරගලයක් බවට පත්කරනවා

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියේදී මෙරට පොදු අරගලයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව ගුරු වෘත්තීය සමිති පවසයි.

ගුරු වෘත්තීය සමිති සහ මෙරට වෙනත් වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී එම එකඟතාවට පැමිණ ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,

“ගුරු සහ විදුහල්පති අරගලයට විශේෂයෙන්ම විවිධ ක්ෂේත්‍රවල බැංකු, සෞඛ්‍ය, තැපැල්, රාජ්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති පෞද්ගලික අංශ හා රාජ්‍ය අංශ වෘත්තීය සමිති සහය පළ කරමින් රැස්වීමක් පැවැත්වුවා. ඒ අනුව ඉදිරියේ දී අපිත් සමඟ එකතුවෙලා මේ ගුරු අරගලයට ඔවුන්ගේ සම්පූර්ණ සහය පළ කර ක්‍රියාමාර්ගයකට යන්න තීරණය කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී මේක ගුරු – විදුහල්පති අරගලයක් නෙමෙයි පොදු අරගලයක් බවට පත්වෙන බවට අපි පැහැදිලිව රජයට කියන්න කැමතියි.”

මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව කටයුතු කරන පාර්ශව සම්බන්ධයෙන් රජය වෙනත් මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

Related posts

22 හැවිරිදි මව මාස නවයේ බිළිදාට වස දී මව පැන ගිහින්

colombotoday

රේල්පා‍රේ නින්ද ගිය දෙදරු පියා දුම්රියට බිලිවෙයි

Admin

අකුරණ සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමයි

colombotoday

බත් පාර්සලයේ මිල හෙට සිට ඉහළට

colombotoday

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

“ඥාණසාර හිමියන් දුටුතැන සිවුර ගලවනවා” කී අජිත් ප්‍රසන්නට එරෙහිව පැමිණිල්ලක්

colombotoday