Colombo Today Local News

කොවිඩ් පැතිරීම වේගවත් වී ඇත්තේ නව ප්‍රභේදයක් නිසා ද ?

දිවයින පුරා විවිධ ප්‍රදේශවල මේ වනවිට කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කොවිඩ් වෛරස් ප්‍රභේද පිළිබඳව නව පරීක්ෂණ ආරම්භ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීවවිද්‍යා ආයතනය කටයුතුකර ඇත.

ඒ අනුව එළඹෙන අඟහරුවාදා දින නව පරීක්ෂණ ආරම්භ කරන බව එහි අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පුරා වාර්තාවන කොරෝනා වෛරසයේ ප්‍රභේද සාමාන්‍ය PCR පරීක්ෂණ මගින් හඳුනා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම නව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ අනුව අමෙරිකාව, බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේද ශ්‍රී ලංකාව තුළ පැතිර ඇති ද යන්න මෙම පරීක්ෂණ මගින් අනාවරණය කරගැනීමට හැකිවනු ඇත.

වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පරීක්ෂණ මගින් ඉතා කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබාදීමට හැකි බවය.

Related posts

චීනයෙන් ලංකාවට මිලියන 127ක වෛද්‍ය උපකරණ

colombotoday

ඉතිහාසේ කෙටිම කලකින් වැඩිම පොරොන්දු ඉටු කළේ මාලිමාණ්ඩුවයි

Admin

ව්‍යාජ වෛද්‍යවරුන් හා මධ්‍යස්ථාන වැටලීමට කඩිනම් පියවර

Admin

පියාගේ මිටි පහරින් මරු දුටු තරුණයා

Admin

“යහපත් දැක්මකදී ලාභ වාසි අත්හරින්න වෙනවා” නුවරට, නුවරක් හැදූ දිරිය මිනිසෙකුගේ කතාව

colombotoday

මානව හිමිකම් කොමසාරිස්ට විරෝධය පා කොළඹ UN කාර්යාලය වටලා උද්ඝෝෂණ

colombotoday