Colombo Today Local News

පාස්කු වින්දිතයන්ට ඇ.ඩොලර් මිලියන පහක් දෙනවා කියා පොල්ල තැබූ වහබ් වාදී මුස්ලිම් ලෝක ලීගය ඇමති දිනේෂ්ට අමතයි.

ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුකූලව COVID-19 ආසාදිත මියගිය මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනය නොකරන ලෙස තම ඉල්ලීමට ශ්‍රී ලංකා රජය දැක්වූ ප්‍රතිචාරයට ලෝක මුස්ලිම් ලීගය (MWL) අගය කර ඇත.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති දුරකථන සංවාදයකදී MWL මහලේකම් ෂෙයික් මුහම්මද් අල්-ඊසා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා රජය සහ එම්ඩබ්ලිව්එල් අතර සමීප සම්බන්ධතාවය ශක්තිමත් වනු ඇති බවයි.

ලෝක මුස්ලිම් ලීගයේ වාර්ෂික සමුළුව 2019 වසරේ ජුනි 30 වැනිදා කොළඹදී පවත්වා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ට ලබාදීම පිණිස අමෙරිකානු ඩොලර් මිලියන පහක් ලබා දෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවද එම මුදල් ලබා දීම එම සංවිධානය පැහැර හැර ඇත.

වහබ්වාදය ලොව පුරා ව්‍යාප්ත කිරීමට මුදල් යොදවන සංවිධානයක් ලෙස ලෝක මුස්ලිම් ලීගය Muslim World League (MWL) බොදු බල සේනා නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉතා දීර්ග කාලයක සිට සඳහන් කරන අතර යුරෝපානු රටවල් බොහොමයක් අදාළ සංවිධානයේ ක්‍රියාකාරිත්වය තම රටවල් තුල සීමා කර ඇත. 1960 දශකයේ සිට සෞධි අරාබිය මෙම සංවිධානය හරහා ලොවපුරා වහබ්වාදය ව්‍යාප්ත කිරීම සඳහා අතිවිශාල ධනස්කන්දයක් ලබා දී ඇති බව පැවසේ.

Related posts

යුදහමුදා බුද්ධි අංශයේ මගේ පුතා ත්‍රස්තවාදියෙක්ද? රණවිරු මාපියෝ ආණ්ඩුවෙන් අසති

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන දිවි ගමනට සමු දෙයි

Admin

පක්ෂ නායක රැස්වීමේදී මනෝ ගනේෂන් ජනපතිගේ මුහුණටම කී‌ දේ

colombotoday

රනිල්ට විශ්වාසය ඇතැයි සජිත්ගේ යෝජනාව මංගල ස්ථිර කරයි

colombotoday

අකුණු සැර වැදී එකම පවුලේ සොහොයුරන් තිදෙනෙක් රෝහලට

Admin

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday