Colombo Today Local News

ආණ්ඩුවේ සුළු පක්ෂ 12කින් යෝජනාවලියක්

වර්තමානයේ රටේ පවතින දේශපාලන අර්බුද සම්බන්ධයෙන් යෝජනාවලියක් කඩිනමින් ජනාධිපතිවරයාට ලබා දීමට අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් යුත් දේශපාලන පක්ෂ 12ක නායකයන් තීරණය කර ඇත.

එම යෝජනාවලිය අග්‍රාමාත්‍යවරයාට ලබා දීමට නියමිතය. ඔවුන් දෙදෙනාගෙන් අවස්ථාව ලබා ගැනීමෙන් අනතුරුව යෝජනාවලිය සකස් කිරීමට නියමිතය.

අමාත්‍ය විමල් වීරවංශගේ නිල නිවසේ පසුගිය බ්‍රහස්පතින්දා (11)වැනි දින පැවැති සාකච්ඡාවේ දී වත්මන් දේශපාලන අර්බුද පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. එදින සාකච්ඡාවට ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මෙන්ම ජාතික ක්‍රොන්ග්‍රසයේ නායක ඒ.එම්.ඒ. අතාවුල්ලාද සහභාගි වීම විශේෂත්වයකි. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳවද මෙහි දී සාකච්ඡා කර ඇත.

එම දේශපාලන පක්ෂ දොළහ තවත් රැස්වීමක් ලබන 25 වැනිදා බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට ද තීරණය කර ඇත. සෑම සතියකම සාමාජික පක්ෂවල මූලස්ථානවලදී සාකච්ඡා පැවැත්වීමට පක්ෂ නායකයන් මෙහි දී එකඟතාවට පත්ව තිබේ.

Related posts

නීති විරෝධීව රට පනින්න හැදූ 67ක් මාට්ටු

colombotoday

ජයශ්‍රීට වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday

පොහොය වෙනුවෙන් සති අන්තයේ අනුරාධපුරේ එන්න එපා. | උතුරු මැද ආණ්ඩුකාර දැනුම් දෙයි.

colombotoday

පාර්ලිමේන්තුවේ අගමැති අසුන නව අගමැති මහින්දට වෙන් කරයි… කතානායක කාර්යාලයෙන් නිවේදනයක්…

colombotoday

“බහුතරය මටයි.. අගමැති මමයි“ – රනිල් මෛත්‍රීට ලියයි

colombotoday

කවුද මේ? මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

colombotoday