Colombo Today Local News

ආයතන 12ක් ඉන්දියාවට විකිණීමට මෛත්‍රි – රනිල් ගිවිසුම් ගහලා

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙරට ආර්ථික මර්මස්ථාන 12ක් ඉන්දියාවට විකිණීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබූ බව පෙරේදා (01)දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනාවරණය වූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.

එල්.එන්.ජී මෙගාවොට් 300ක ගෑස් බලාගාරය, එල්.එන්.ජී.ටර්මිනල්,එල්.එන්.ජී.ගෑස් ලේන්, ගල් අඟුරු බලාගාරය, මත්තල ගුවන් තොටුපොළ ඇතුළු ආයතන 12ක් ඉන්දියාවට ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

එමෙන්ම හිටපු වරාය ඇමැති සාගල රත්නායක ඉන්දියාව සමග නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සම්බන්ධව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබූ බවත්, මෙරට මුදල් ආයෝජනය කර නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පවසයි.

Related posts

රාජ්‍ය දේපළ අවභාවිතා කල මිරිස්කුඩු ප්‍රසන්නගේ පුත්‍රයාට එරෙහිව සී.අයි.ඩි.යට පැමිණිල්ලක්

colombotoday

මිලියන 3ක කහ තොගයක් සමග පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

colombotoday

ලංකාවේ අමතර විදුලිය අපනයනය කරන්න සාකච්ඡා කලා

Admin

මහින්දට එරෙහිව දැමූ පෙත්සම රනිල් ඉල්ලා අස්කරගනී…

colombotoday

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

කොවිඩ් මරණ ආදාහනය හෙළා දකිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට බලපෑම්

colombotoday