Colombo Today Local News

ඔලෙත්තෙඩුවායියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්

ඉකුත් ඉරිදා මන්නාරම ඔලෙත්තෙඩුවායි මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු නැවත නොපැමිණිම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් මන්නාරම පොලීසියට පැමිණිලි කර තිබේ.

අතුරුදන්ව ඇත්තේ එස් කොඞ්වින් නැමති 38 හැවිරිදි අයකු, ආර් කන්නන් නැමති 55 හැවිරිදි අයෙකු හා එස් පාන්ඩ්‍යන් නැමති 23 හැවිරිදි ධීවරයින් තිදෙනකි.

ඉකුත් ඉරිදා දහවල් එම ධීවරයින් මසුන් ඇල්ලීම සදහා මුහුදු ගොස් ඇති අතර ඔවුන් මේ දක්වා පැමිණ නැත.

ඒ අනුව අතුරුදන් ධීවරයින්ගේ ඥාතීන් විසින් මේ පිළිබදව නාවික හමුදාවද දැනුවත් කර ඇත.

නාවික හමුදාව සෝදිසිකිරීම් සිදු කළද මේ දක්වා ධීවරයින් පිළිබදව තොරතුරක් ලැබී නැත.

Related posts

රනිල්ට විශ්වාසය ඇතැයි සජිත්ගේ යෝජනාව මංගල ස්ථිර කරයි

colombotoday

හම්බන්තොට දියුණු කරන විදිය රනිල් කියයි

Admin

ඔබේසේකරපුර ගිනි ගැනීමක්

Admin

චීන නැවේ පොහොර සාම්පල යළි පරීක්ෂාකරනේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකයි

colombotoday

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

colombotoday