Colombo Today Local News

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කළ ෆසාල් නිසාර්ගේ සන්නිවේදන ජාලයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයත් සිටින බව CIDය හෙළිකරයි

මුහුණු පොත ඔස්සේ ජාතීන් අතර පවතින සංහිඳියාවට හානිකර ආකාරයේ ප්‍රකාශ හා භික්ෂූන් වහන්සේලාගේ ගෞරවයට හානි වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන පුද්ගලයා ගැන තවත් තොරතුරු හෙළිවී තිබේ.

මොහොමඩ් ෆසාල් නිසාර් නමැති සැකකරු විසින් පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයක් තුළ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01)දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියෙහි කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව මෙම සැකකරු විසින් අදාළ සන්නිවේදන ජාලය පවත්වාගෙන ගොස් ඇති බවය.

එම සන්නිවේදන ජාලය තුළ පුද්ගලයින් 494 දෙනෙකු පමණ සිටින බවත් ඊට මුස්ලිම් දේශපාලනඥයෙකු ද ඇතුළත්ව සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සන්නිවේදන ජාලය තුළ සිටින ඇතැම් පුද්ගලයින්ගේ තොරතුරු සාවද්‍ය බවත් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුනි.

ඒ අනුව, පැමිණිල්ල නැවත ලබන 25 වනදා කැඳවීමට නියමකළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Related posts

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

තව්හිද් ජමාත් ප්‍රබලයන් 50ක් තවමත් නිදැල්ලේ….

colombotoday

ඇවන් ගාඩ් නෞකාව අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල සාක්ෂි දෙයි

colombotoday

හෙට ශ්‍රී ලංකාවේ ‘නිදහස් දින විශේෂ අමුත්තා’ පූටින්ගේ සුපිරි හමුදා ලොක්කා ජෙනරාල් ඔලෙක් සල්යුකොව් !

colombotoday

“බැදුම්කර මගඩිය රටට ආ සුනාමියක් වගෙයි“ – මහබැංකු නියෝජ්‍ය අධිපති සියල්ල හෙළිකරයි

colombotoday

අරණායක නායයාමෙන් පුද්ගලයන් රැසක් තවමත් අතුරුදන් – මළසිරුරු 6 ක් සොයාගැනේ

colombotoday