වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවලදී ඔවුන් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.
වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ සහ අද එම නියෝජිතයින් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා පැවැත්වුණි.
කෙසේවෙතත් ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වු බවයි.
ඒ අනුව මීට පෙර තීරණය කළ පරිදි ලබන 15 වැනිදා වැඩවර්ජනයේ නිරත වන බව ඔවුන් සඳහන් කළේය.