නැගෙනහිර කොළඹ මූලික රෝහල තුළ දෙසැම්බර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලයේදී කොවිඩ් ආසාදිත මව්වරුන් 38 දෙනකු දරුවන් 40ක් ප්‍රසූත කළ බව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ සඳහන් කළේය.
එම සියලුම මව්වරුන් නිරෝගී දරුවන් බිහි කළ අතර දරුවන් දෙදෙනකුට පමණක් කොවිඩ් වෛරසය ආසාදනය වූ බව වෛද්‍යවරයා පැවසීය. ඔවුන් අතුරින් එක් මවක් විසින් නිවුන් දරුවන් බිහි කර ඇත. නැගෙනහිර කොළඹ මූලික රෝහලට වෙනත් රෝහල්වලින් මාරු කර එවූ එම ආසාදිත මව්වරුන් විවිධ සංකූලතාවන්ගෙන් පෙළුණු නමුත් දරු ප්‍රසූතියෙන් පසු බොහෝ දෙනකු නිවෙස් කරා ගොස් ඇතැයි හෙතෙම කීවේය.