Colombo Today Local News

කොරෝනා වැළදෙයි බියෙන් මවක් ගිනි තියාගෙන

‘‘වයසක අයට කොරෝනා බෝවීම වැඩි බව අම්මා ගුවන් විදුලි ප‍්‍රවෘත්ති මගින් නිතර අසා තිබෙනවා. ඇයටත් කොරෝනා වැළඳී අපේ දරුවන්ටත් හැදේවි යන බිය නිසා ඇය ගිනි තබාගෙන තිබෙනවා.’’ යැයි අංගොඩ උපාසකගේ මංජුල කැලූම් ගුණසේකර (50) යන අය සාක්‍ෂි දෙමින් පැවැසීය.

වයෝවෘද්ධ කාන්තාවක් සිය සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දුන් මියගිය අයගේ පුත‍්‍රයා එසේ කියා සිටියේය. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වත්තල, හුණුපිටිය, වෙඩිකන්ද පාරේ පදිංචිව සිටි දේවගේ පේඩිගේ ලයිසා (73) නමැති පස්දරු මවකි. මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති අතර, එහිදී තවදුරටත් සාක්‍ෂි දුන් සාක්‍ෂිකරු,

‘‘මියගොස් සිටින්නේ මගේ අම්මා. අම්මාට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. අම්මා හිටියේ මං ගාවයි. මගේ ගෙදර බිරිඳ සහ දරුවෝ දෙන්නා සිටිනවා. අම්මා නිතරම ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති අහනවා. එයා නිතරම ඒ ප‍්‍රවෘත්ති අහල ඇඟ රිදෙනවා කියනවා. එදා රාත‍්‍රී 9.00 ට විතර මම කාමරයේ සිටින විට ජනේලයෙන් දැක්කා ඡායාවක් යනවා වගේ. පසුව මා එළියට ගොස් බැලූවා. එහිදී අඩි 20 ක් 30 ක් ඈතින් ඉටිපන්දමක් දල්වනවා මා දැක්කා. මම කළුවරේ කවුද ඔතන කියලා අහනවිට ඇය ළඟට එන්න එපා කියලා අම්මා කෑගැසුවා. මට ඇති වූ සැකය නිසා මම එතැනට ළංවෙනකොට ගිනි තියා ගත්තා. මම එම ගින්න නිවන්නට උත්සාහ ගනිද්දී මගේ අතත් පිච්චුණා. කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ශෂන්ති‍්‍ර වසනාත් මහත්මිය විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූවාය. එහිදී ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය මෙම මරණය සිය ශරීරයට ගිනි තබාගෙන සිදුකර ගත් සියදිවි නසාගැනීමක් බවට නිගමනය කළාය. ඇයට කොරෝනා වැළඳි නැතැයි ද මෙහිදී අනාවරණය විය. කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් සැරයන් ජයවික‍්‍රම (48531)0 සහ මරදාන පොලිසියේ පොලිස් සැරයන් රොෂාන් (63123) යන නිලධාරීහු මෙහිදී සාක්‍ෂි මෙහෙය වූහ.

Related posts

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

“විසිල් විතරයි.. බල්ටි නෑ“ – මේ ආණ්ඩුවේ වැඩ ගැන හිටපු ජනපති කතා කරයි

colombotoday

“මා කියූ දෙයක් වැරදී නෑ.. 2020 ජනපති ගෝඨාභයයි.. ස්තීරයි.. ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතීන්ට යළිත් එම ඇමැති ධුර දෙන්න – අගමැති ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

තෙල්දෙණියේ මුස්ලිම් ගමක් රැකගත් ලොකු හාමුදුරුවන්ගේ මෙහෙයුම…

colombotoday

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin