Colombo Today Local News

“විසිල් විතරයි.. බල්ටි නෑ“ – මේ ආණ්ඩුවේ වැඩ ගැන හිටපු ජනපති කතා කරයි

“මේ ආණ්ඩුවට වැඩ බෑ. කයිවාරු ගහන්න විතරයි පුළුවන්, කයිවාරු ගහල තවදුරටත් මිනිස්සු රවටන්න බැහැ, ඒ කාලය දැන් ඉවරයි“ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 14දා උඩුගම පැවති රැලියක් අමතමින් පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කියා සිටියේ ය.

මහත් විශාල බලාපොරොත්තු ඇතිව මිනිසුන් රවට්ටලා අරක දෙනවා මේක දෙනවා කියලා පොරොන්දු වෙලා තමයි ඡුනතාවගේ ඡන්ද ටික ගත්තේ. ඉක්මනින් ජනතාව අමතක කරපු ආණ්ඩුවක් තියෙනවානම් ඒ එජාප ශ‍්‍රීල.නි.ප , රතු අලි පැටව් හා සම්බන්දන්ලා එකතුවෙලා හදපු ආණ්ඩුව කියලා කියනවා. එක ඇමැතිවරයෙක් කියනවා මේ ආණ්ඩුව පාණ්ඩුව වගේ කියලා .

ජනාධිපතිතුමා කියනවා ආණ්ඩුව කුණුකන්දට වඩා ගඳ ගහනවා කියලා. කාගේද වරද ?මේවා කියලා හරියන්නේ නැහැ. අපිද ආණ්ඩු කරන්නේ.
අපි ආණ්ඩු කරන කාලයේ අපි වැඩ කළා . රටේ වැඩ කෙරුණා. කන්න ටික දුන්නා. අතේ සල්ලි තිබුණා. බයිසිකල් ගන්න ඕන කෙනා බයිසිකල් ගත්තා. යතුරුපැදි ගන්න ඕන කෙනා යතුරුපැදි ගත්තා. කාර් ගන්න ඕන කෙනා කාර් ගත්තා බස් ගන්න ඕන කෙනා බස් ගත්තා., ටිපර් ගන්න ඕන කෙනා ටිපර් ගත්තා. නමුත් ඇමැතිවරු කියන්නේ මොකක්ද හැම කෙනාම කාර් ගන්න ඕන නැහැ. එ්ක තමයි අපේ වෙනස. අපට ඕන හැම මනුස්සයෙකුටම හා තරුණයකුටම හොඳ වාහනයක් අරන් දීමේ අයිතිය ලබා දෙන්න. නමුත් මේ අයට එහෙම වුවමනාවක් නැහැ.

දැන් බලන්න මේ පළාතේ තේ කර්මාන්තයට මොකද වෙලා තියෙන්නේ. හොඳයිද? මම පොහොර ටික රුපියල් දහසකට දෙනවිට කීිවා ගණන් වැඩියි කියලා. පොහොර බාල බව කීවා ශ‍්‍රී ල.නි.ප. ආණ්ඩුව බලයට ආවිට පොහොර මිල අඩුකරනවා කීවා. දැන් පොහොර කඩයට ගියවිට අහනවා පාකිස්තානයෙන් ගෙනාපු පොහොරද වෙනත් තැනකින් ගෙනාපු පොහොරද කියලා. මේක ටිකක් ගණන් වැඩියි මේක ටිකක් අඩුයි කියලා කියනවා. මේ ආණ්ඩුවට නිසි කළමන ාකරණයක් නැහැ. අපේ කාලයේ රුපියල් 350ට පොහොර ටික දීලා ප‍්‍රශ්නයක් නැතිව පොහොර ටික බේදා හැරියා. ප‍්‍රශ්නයක් ඇති වුණෙ නැහැ.

මට වඩා හොඳට ජනතාව මේ ගැන දන්නවා. බැඳුම්කරය නිසා පාඩු වුණේ ජනතාවට බැංකු පොලි අනුපාතය වැඩිවුණා. රාජපක්ෂ රෙජිමේන්තුව හොර රෙජිමේන්තුව කියලා කියනවා. දැන් මේ අයගේ රෙජිමේන්තුව කොහොමද හොඳද? දැක්කා නේද අගමැතිතුමා දැම්ම ඩාන්ස් එක.

අද ආණ්ඩුව තුළම ආණ්ඩුවට බැණ ගන්නවා.ඇමැතිවරු බැණ ගන්නවා. රනිල්ට කියනවා හොරා කියලා. ජනාධිපතිතුමා කියනවා අපිට හොරා කියලා. ජනතාවට මේ දුක දෙන්න එපා. පොහොර නැව එනකම් ගොල්ෆේස් පිටියට ගිහින් බලන් ඉන්නවා. අපේ කාලයේ ස්වයංපෝෂිත ආර්ථිකයක් හැදුවා හාල් ටික පිටරට යවන්න පුළුවන් තත්ත්වයකට අපි ගෙනාවා. අද මොකද වෙලා තියෙන්නේ පිටරට නැව් එනකම් බලාගෙන ඉන්නවා. එ්කේ වාසිය තියෙන්නේ මෝල්කාරයාට පිටරට හාල්ටික ආවිට පොලිෂ් කරලා දෙනවා ලංකාවේ හාල් කියලා. කාන්තා විමුක්තිය ගැන කියලා කාන්තාවන්ට ඡුන්දය ඉල්ලන්න සියයයට 25 දෙන්න ඕන කීිවා. නමුත් දකුණේ හිටපු එකම කාන්තා මන්තී‍්‍රිවරිය එලෙව්වා. දැන් භය වෙන්නදෙයක් නැහැ. බාර් එක දහය වෙනකම් ඇරලා. උදේ අටේ ඉදලා බොන්න පුළුවන් පොඩි සෙල්ලමක්ද? අපට සංස්කෘතියක් තියෙනවා. අපි කාන්තාවන්ට සලකන්නේ අපේ මෑණියන්ට වගේ. ඒ ගරුත්වය අපට තියෙනවා. %ඒ ගරුත්වය තියෙන කාන්තාව බාර් එකට තල්ලූ‍කරලා. ඉතා සැලසුම්සහගත ලෙස මේ රටේ සංස්කෘතිය විනාශ කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. මේක එන්.ජී. ඕ කාරයන් ජයග‍්‍රහණය කරපු තැනක්. කාන්තාවන්ට තිබූ තැන නැති කරලා. කාන්තවන්ගේ අනාගතය මොකක්ද? මේවා ගැන අවබෝධයක් කරගන්න ඕන. මේ ආණ්ඩුව ගන්න හැම දෙයකම යටි අරමුණක් තියෙනවා.

ජනාධිපතිතුමා දක්ෂ කථිකයෙක් හොඳට දෙනවා. මම අහගෙන හිටියා මම කීවා කියලා ඕන්න හෙමින් හෙමින් කළාට කමක් නැහැ කියලා. මම හෙමින් හෙමින් කරන ජාතියේ අයෙක් නෙවෙයි. මේවාගේ බොරු බේගල් කයිවාරු ගහලා වැඩක් නැහැ. ජනතාව අසරණ වෙලා බඩුමිල වැඩි වෙලා බඩු මිල ඇසූවිට ජනතාවට තරු පෙනවා.

Related posts

විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කරන්න තීරණයක්

Admin

සැලසුම්ගත ලෙස මගඩිය සිදුකළ හැටි හෙළිවෙයි.. කවුරුත් නොකරපු වැඩකුත් අර්ජුන් කරලා

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මහියංගන ප්‍රා. සභාවේ එජාප පොහොට්ටු මන්ත්‍රීවරු පොලිසිය ඉදිරිපිටදී ගැටෙති. 12ක් රෝහල්ගත කෙරේ.

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් අධිකාරියක් කරනවා – ඇමති බන්දුල කියයි

Admin

ජනපතිත් ආ ලෝක තැපැල් දින උළෙලේ ආගමික වතාවත් නෑ.. මහා සංඝරත්නය නැගිට යයි !

colombotoday