Colombo Today Local News

2021 අයවැය විවාදය දින 19 ක්

2021 වසර සඳහා වන අයවැය විවාදය දින 19 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව නිවේදනය කළේ, ලබන 17 වැනි දා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම 21 වැනි දා පස්වරු 5.00 ට සිදුවනු ඇති.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ලබන 23 වැනි දා කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය දෙසැම්බර් 10 වැනි දා අවසන් වීමට නියමිත අතර එදිනම පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.

Related posts

අමල් ඇතුළු 18ක් කොකේන් පාවිච්චි කරලා… තවත් 8ක් ළග කොකේන් තිබිලා – ඩුබායි පොලිසිය තහවුරු කරයි

colombotoday

කොමිසම් නෙමෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දීමයි -අධිකරණ ඇමති

colombotoday

අගමැති රනිල් අද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස අසල සම්බාහන මධ්‍යස්ථාන 42ක්

Admin

මෙරට වෛද්‍යවරුත් ISIS ත්‍රස්ත සංවිධානයේ.. නවතම වීඩියෝවක් අනාවරණය කරයි

colombotoday