Covid 19

තවත් කොරෝනා මරණයක්

තවත් කොවිඩ් ආසාදිත මරණයක් මෙරටින් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවෙස් දී මියගොස් ඇති අතර එය මෙරට 41 වන කොවිඩ් මරණය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එම පුද්ගලයා මියගොස් සිටිය දී රාගම රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු ආසාදිතයෙක් බවට අනාවරණය වී තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මියයාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ, දීර්ඝ කාලීනව පැවති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් ආසාදනය හේතුවෙන් උත්සන්න වී ඇති බවය.

Related posts

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday

බේරුවල මව සහ බිළිඳා කොළඹ යවා, වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

colombotoday

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

colombotoday

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව උද්ඝෝෂණය කල පිරිස් අත්අඩංගුවට !

colombotoday

තවත් කොරෝනා මරණ දෙකක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 678ක්

colombotoday