Colombo Today Local News

පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි

පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ වෙළඳ සැල් 112ක් දින නියමයක් නොමැතිව වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් අද (05)දින තීරණය කර ඇත. මාරස්සන නගරයේ වෙළඳසැල් විශාල ප්‍රමාණයක් හා අවට ගම්වල වෙළඳසැල් ද ඒ අතර වේ.

අද දිනය තුල කොවිඩ්- 19 වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු හමුවීමත් සමග ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.

මෙම තිදෙනා පසුගිය 31 වැනි දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අම්පිටිය කැවල මාළු ව්‍යාපරිකයාගේ සහායකයින් වන අතර අනෙක් අය සහායකයෙකුගේ බිරිද වේ.

මොහු පෑලියගොඩින් මාලු ගෙනවිත් කැටවල හා මාරස්සන ප්‍රදේශයේ මාලු වෙළඳසැල් පවත්වාගෙන යන අතර සහායකයන් තලාතුඔය අවට විශාල ගම් ප්‍රදේශයක ජංගම මාලු වෙළදාමේ නිරතවී ඇත.

ඒ අනුව ඔවුන්ගේ සමීපතමයින් සොයා ඔවුන් නිවෙස්තුලම නිරෝධායනයට ලක්කිරීමටත් ඔවුන්ගේ පිසිආර් පරීක්ෂණ සිදුකිරීමටත් පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු යොදා ඇත.

Related posts

කැලනි සිසුන්ගේ විරෝධය

Admin

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

Admin

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරන යන බුද්ධ ප්‍රතිමා ආකෘතියක් ගිනි තැබීමේ සිද්ධියේ ඇත්ත කතාව

colombotoday

බඹරුන්ගෙන් බේරෙන්න ගිය සිසුවෙක් ප්‍රපාතයකට ඇදවැටි මරුට

Admin

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

colombotoday