Colombo Today Local News

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03)දින උදෑසන සිට තාවකාලිකව වසා දමා තිබේ.

මෙලෙස වසා දැමීමට හේතු වී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දොඩන්දූව පදිංචිව සිටි කොරෝනා ආසාදිතයකු යැයි ඊයේ (02)දින තහවුරු වූ ධීවර ව්‍යාපාරිකයකු පසුගිය දින කිහිපයේ ගාල්ල ධීවර වරායට විවිධ කටයුතු සඳහා පැමිණ තිබීමයි.

ගාල්ල ධීවර කමිටුවේ සභාපති පී.බී. ගාමිණී මහතා පවසන්නේ එම ධීවරය ව්‍යාපාරිකයා පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාදිමෙන් අනතුරුව වාර්තාව ලැබීමට පෙර ගාල්ල ධීවර වරායට පැමිණ ඇති බවයි.

ඔහු සම්බන්ධතා පැවැත්වූ ධීවරයන් පිළිබඳ තොරතුරු සෙවීමේ පහසුව සඳහාත් ධීවර වරාය විෂබීජහරණය කිරීම සඳහාත් මෙලෙස වසා දමා තිබේ.

ගාල්ල ධීවර වරාය කමිටුව පවසන්නේ මෙලෙස තාවකාලිකව ධීවර වරාය වසා දැමුවේ සෞඛ්‍ය අංශවල ඉල්ලීමකට නොව ධීවර සංගම් විසින්ම ස්වේච්ඡාවෙන් ගත් තීරණයකට අනුව බවයි.

විෂබීජහරණ කටයුතු අවසන් වූ වහාම වරාය යළි විවෘත කිරීමට නියමිතය.

Related posts

නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගෙන් කොරෝනා වෛරසය මෙරට සමාජයට ව්‍යාප්තවීමේ අනතුරු ඇඟවීමක්

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක්

colombotoday

“රණවිරු සටන පාවාදීමට රාජිත-සජිත්ගෙන් අල්ලස්…” හංස වේදිකාවට නැග්ග ආබාධිත රණවිරුවා නැවත හැරෙයි… සියල්ල හෙළිකරයි

colombotoday

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

ලංකා පොස්පේට් සේවකයෝ ජවිපෙ ට හූ කියා පන්නති.(video)

Admin

පාස්කු ප්‍රහාර මාලාවේ නඩුවක් කල් යයි

colombotoday