Covid 19

කොවිඩ් වැළදුණු මවක් දින 21ක බිළිදා සමග රෝහල් ගත කෙරේ.

තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි කාන්තාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

ඇයගේ දරුවට දවස් 21ක් වන බැවින් ඇය සමග බිළිඳා ද රෝහල්ගත කෙරුණි.

මෙම කාන්තාව නුවර සිට කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන තම ඥාතියෙකුගේ නිවසෙහි සතියක කාලයක් නැවතී සිට කුඩාවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ආපසු පැමිණ තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාතියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඇයට දැනගැනීමට ලැබී ඇත්තේ ඉන් පසුවය.

ඒ අනුව ඇයට සිදුකළ PCR පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Related posts

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල ගැවසුනු තවත් තිදෙනෙකුට කොවිඩ්

colombotoday

කොටුව පොලිසියේ ලොක්කෙකුට කොරෝනා

colombotoday

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදිතව මිය යයි

colombotoday

එක් දිනක් තුල සිදුවූ කොරෝනා මරණ වාර්තාව අදත් අලුත් වෙයි.

colombotoday

යාපනය දේව මෙහෙයට ගියානම් ස්වයං නිරෝධායන වෙන්න

colombotoday

කොවිඩ් ආසාදිත 520 ක් හදුනා ගැනේ

colombotoday