Colombo Today Local NewsCovid 19

යාපනය දේව මෙහෙයට ගියානම් ස්වයං නිරෝධායන වෙන්න

අරියාලේ ෆිලඩෙල්පියා දෙවු මැදුරේ පසුගිය මාර්තු 15 වැනිදා පැවැති දේව මෙහෙයට සහභාගී වූ සියලුම බැතිමතුන්ට ස්වයං නිරෝධානයට ලක්වන ලෙස යාපනේ සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරයි. ස්වීඩන් ජාතික පූජකයකු විසින් මෙම දේව මෙහෙය පවත්වා ඇති අතර පසුව වාර්තා වුනේ ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි.

උතුරු පළාත් භාර සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ කේතීෂ්වරන් සඳහාන් කළේ මෙම දේව මෙහෙයට 200ත් 250ත් අතර බැතිමතුන් පිරිසක් සහභාගී විී ඇති බවයි. පූජකවරයාගේ බිරිය ඔහුවෙනුවෙන් යාඥා කරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා ඇති බව ආණ්ඩුකාරවරයා තහවුරු කර ඇත.

නාවාට්කුලි, යාපනය,නල්ලූරුව හා මානිපායි යන ප්‍රෙද්ශවලින් මේ දේවමෙහෙය සඳහා බැතිමතුන් සහභාගී වී ඇති අතර මේ පිරිස සිටින තැන් සොයා ඔවුන් නිරෝධායනයට පත් කිරීමට සොඛ්‍ය දෙපාර්තමේන්තුව මෙහෙයුම් දියත් කර ඇත.

අදාල පූජකයා සමග සමීපව කටයුත් කළ දෙදෙනකු කෝවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර මේ වන විට ඔවුන් යාපනේ ශික්ෂන රෝහලට ඇතුළත් කර ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම මෙහෙයට සහභාගී වූ අනෙකුත් පුද්ගලයින්ද ආරක්ෂක ක්‍රමවේිද අනුගමනය කරමින් නිරෝධායනයට ලක් විය යුතු බවයි. ඔවුන් මෙසේ ප්‍රකාශ කළද මෙම දේව මෙහෙය සඳහා සහභාගී වූවන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති අතර පෙර කී ප්‍රෙද්ශ වලට අමතරව විවිධ පළාත් වලින් හා විදේශයන්ගෙන් පවා දේව මෙහෙයට පිරිස් පැමිණ ඇත.

වවුනියාවේ සිට දේව මෙහෙයට පැමිණි පවුල් දෙකක් හඳුනාගෙන ඇති අතර මොවුන් පරීක්ෂා කර හැකි ඉක්මනින් වාර්තාවක් ලබා දෙන ලෙස යාපනය සික්ෂණ රෝහලට දැනුම් දී ඇත.

බලධාරීන් පවසන්නේ දේව මෙහෙය පවත්වන අවස්තාවේද අදාල පූජකවරයා යහපත් සෞඛ්‍ය තතත්වයක පසු වී නොමැති බවයි.

දේව මෙහෙය අවසානයේ පුජකයා පැමිණ සිටි සියලු දෙනා වැළදෙගෙන ආශිර්වාද කර ඇති අතර මෙය බරපතල තත්ත්වයකි. නල්ලූර් ප්‍රාෙද්ශීය සභා බල ප්‍රෙද්ශයට අයත් අරියාලේ මෙම දේව මෙහෙය පවත්වා ඇත්තේ රජය කිසිදු හේතුවක් නිසාවත් ජනතාවට එක් රොක් නොවන ලෙස දන්වා සිටිය දීය.

ප්‍රෙද්ශයේ ඇති සියලුම රෝහල් වල කාර්ය මණ්ඩල හිගයක් පවතින මේ අවස්තාවේදී බරපතන තත්ත්වයක් මතු වුවහොත් ඊට මූණ දෙන ආකාරය පිළිබද උත්රේ සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයක් යොමු කර ඇත.

අදාල පූජකයා දිවයිනේ ගත කළ කාලයේ ගමන් කළ තැන් පිළිබඳ විස්තරය

මාර්තු 10 උදේ 9.00ට කටුනායක ගුවන්තොටුපොල

එදිනම අනුරාධපුර මැන්ගෝ මැන්ගෝ හෝටලය, පලතුරු බීම එකක් පානය කර විවේක ගෙන ඇත.

යාපනය, අරියාලෙයි පල්ලියේ එදින රාත්‍රී නවාතැන් ගෙන ඇත.

පල්ලිය අසල වාසය කරන ඔහුගේ සහෝදරයන් සහ නෑයන් විසින් ආහර සපයා ඇත.

මාර්තු 13 දින, ඔහු යාපනය HNB එකට සහ සිග්නල් හන්දියේ කන්කසන්තුර පාරේ මාකට් එකට ගොස් ඇත.

මාර්තු 15 දින යාපනය philadelphia පල්ලියේ දේව යාඥාව පවත්වා ඇත. මෙම යාඥාවට 250ක පමණ පිරිසක් සහභාගිව ඇත. එම පිරිස් නවට්කුලි, යාපනය, මනිපායි, නල්ලූර් ප්‍රදේශ වල පදිංචිකරුවෝ බව සදහන්ය.

මාර්තු 15 යාපනයෙන් රාත්‍රී 10ට කුලී රථයකින් පිටවී ඇත.

එන අතරතුර , රාත්‍රියේ රියදුරු මුරුකන්ඩි පන්සල අසල නවතා ගිමන් හැර ඇත.

මාර්තු 16 උදේ 5.30ට පමන ඩුබායි බලා පිටත්ව ගොස් ඇත…

මොහු සමග ගැටුනු කෙනෙක් වේ නම්, වහාම සෞඛ්‍ය අංශ අමතන්න. 1999 හෝ 0212217278 අංකය අමතන්න.

අදාල පූජකයාගේ වර්තමානය තත්ත්වය දැන ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය බලධාරීන් මේ වනවිටත් උත්සහා ගනිමින් සිටින අතර මේ පූජකවරයා සමග ගනුදෙනු කළ හෝ ඔහු ආසන්නයේ සිටි අය සිටී නම් පහත අංකය ට අමතන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී 0212217278

අදාල ස්වීඩන් ජාතික පුජකවරයා සමුහ ඡායාරූපයකට ද එක්ව තිඛේ.

Related posts

වැටෙන්න තිබුණු සුන්බුන් උඩු ගුවනේදීම දැවී ගිහින්

colombotoday

හිස්බුල්ලාට සෞදියෙන් කෝටි 300කට වැඩි මුදලක් ලැබුනේ කෙසේද? විධිමත් පරීක්ෂණයක් කරන්න. පාර්ලිමේන්තු කාරක සභාවෙන් නිර්දේශ

colombotoday

අතුරුදන්ව සිටි දැරියකගේ සිරුර ගෙවත්තේම ළිදෙන් මතුවෙයි

colombotoday

මැතිවරණයෙන් පසු ප්‍රථම වරට ජනපති පාර්ලිමේන්තුව අමතයි

colombotoday

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ටත් කොවිඩ් එන්නත

colombotoday

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර

colombotoday