extremism & terrorism activitiesWorld

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකු වන ෂෙයික් අලි අබු අහමඩ් පසුගිය දා ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියේ පැවති දේශනයකදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට දෙන පිළිතුර යුද්ධයෙන් පැරිසිය තලා දැමීම බව පවසා ඇති බව Jewish News Syndicate වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

ප්‍රංශ පාසැල් ගුරුවරයෙකු වන සැමුවෙල් පැටි ඔක්තෝබර් 16 වන දින බෙල්ල කපා මරා දැමීමෙන් පසු ඉස්ලාමයට සහ මුහම්මද් නබි තුමාට විරුද්ධව සිදුකල ප්‍රකාශයන් පිළිබඳව ප්‍රංශ නායකයාට එරෙහිව මුස්ලිම් රටවල අප්‍රසාධය එල්ල වෙමින් පවතී.

ඔක්තෝබර් 25 දින සිය කතාවේදී අබු අහමඩ් කියා සිටියේ ප්‍රංශයට “ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට එරෙහිව නින්දා අපහාස කළ සියලු අවිශ්වාසකයන්ට යුද්ධයෙන් නිසි ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීම නිෂ්ඵල බව පවසා ඇති ඔහු මෙවැනි වර්ජන ස්වීඩනයට හා ඩෙන්මාර්කයට එරෙහිව අත්හදා බලා ඇති වැඩකට නැති ක්‍රියාවක් ලෙස හඳුන්වා ඇත.

“අල්ලාහ්ගේ සේවකයෙනි, එකම විසඳුම කලිෆය නැවත පැමිණීමයි, මුස්ලිම් කාලිෆ් මුස්ලිම් හමුදාවන්ට නායකත්වය දෙනු ඇත. ඔවුන් පැරිසිය මුළුමනින්ම තලා දමනු ඇත.” යනුවෙන් ඉතා දරුණු ප්‍රකාශයක් සිදුකර ඇත

Members of the Al-Quds Brigades, the military wing of the Islamic Jihad Movement hold Pictures of French President Emmanuel Macron during a protest march against the reprinting of a cartoon of the Prophet Muhammad in France, in Rafah, in the southern Gaza Strip, on October 26, 2020. Photo by Abed Rahim Khatib/Flash90

Related posts

සිරගතව සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනී ඇතුළු විපක්ෂයේ දේශපාලඥයින්ට නිදහස

Admin

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනී

Admin

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin

හැරී පොටර් මන්දිරයට දරුණු ප්‍රහාරයක්

Admin

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන යලිත් ප්‍රසිද්ධියේ වැඩ අරඹයි

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

colombotoday