Colombo Today Local News

අගමැති මහින්දගෙන් කොරියානු ආයෝජකයින්ට ආරාධනයක්

මෙරට තුළ ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරියානු ආයෝජකයින්ට ආරාධානාවක් සිදුකර තිබේ.

මෙරට කොරියානු තානාපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේ දී පවත්වා තිබේ.

එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් ලෙස පැවසු කොරියානු තානාපතිවරයාට මෙරට තුළ ආයෝජනය කිරීමට එක්වන ලෙසය.

දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙකු ලෙස සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් කොරියානු සමාගම් 115කට වැඩි ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කර තිබේ.

පසුගිය මහා මැතිවරණයෙන් පසු ලැබු ජයග්‍රහණය පිළිබඳ මෙම හමුවේ දී කොරියානු තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙත සුබපැතුම් එක්කර ඇති අතර, රජය ලැබු ජනවරමට හේතුවුයේ විශ්වසනීය බැඳීම බවද තානාපතිවරයා ප්‍රකාශ කළ බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා කොරියානු රජය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන බවද තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර, මෙරට මහ කොරියාව අතර ද්විපාර්ශවික සහයෝගිතාව වර්ධනය කරගත හැකි අපනයන, සංචාරක සහ සංක්‍රමණික සේවාවන් පිළිබඳව ද දෙපාර්ශවය අතර දිර්ඝ ලෙස කරුණු සාකච්ඡා වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Related posts

වතුකරයේ දෙමල ජනතාවගෙන් මෛත්‍රීට හරසර

colombotoday

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

හුසෙන් කුමරුට දුන් ප්‍රතිඥාව 1815 තරම්ම පාවාදීමක්… හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

[Video] “සිංහල ජනතාවට එරෙහිව මත ප්‍රකාශ නොකරනු” – බොදුබලෙන් කාදිනල්ට අවවාද

colombotoday

සහරාන් එක්ක හිටිය ෆොටෝ එලියට දැම්මට සිංහලයෝ මාව අවිශ්වාස කරන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

සංඛ්‍යා ලේඛණ තැති ගන්වන සුළුයි, රටේ ආර්ථික අනාගතය අවදානම් සහිතයි – අගමැති

colombotoday