Colombo Today Local News

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා ප්‍රකාශ කරයි

ඒ අනුව මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව ඔහු සඳහන් කළේය.

ඊට අමතරව මුහුදු බඩ මාර්ගයේ කටුකුරුන්ද සහ බෙන්තොට අතර දුම්රිය ස්ථානවලද දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

මේ අතර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක බවත් පොල්වත්තගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

colombotoday

බක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

මීළග අගමැතිත්, කැබිනට් මණ්ඩලයත් තෝරන්නේ ජනපති මෛත්‍රීයි !

colombotoday

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ… මත් උවදුරක්නම් 1984 ට කියන්න…

colombotoday

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

Admin

වසර 5ක් සදහා විදුලිය මිළදී ගැනීමට කැබිනට් යෝජනාවක්…

colombotoday