Colombo Today Local News

රාජගිරිය රිය අනතුර – පාඨලිගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ මුල් නඩු ගොනුව තම අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය අද (02)දින නියෝග කළාය.

2016 වසර රාජගිරිය ප්‍රදේශයේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකුට අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට නියම කර ඇති ඇතැම් ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට මහාධිකරණය විසින් නියම කර ඇති ඇප කොන්දේසි මොනවා ද යන්න නිශ්චිත වශයෙන් දැනගැනීම සඳහා එහි මුල් නඩු ගොනුව පරික්ෂා කිරීම අවශ්‍ය බවය.

ඒ අනුව එම නඩුව ඔක්තෝම්බර් මස 07 වන දා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එම නඩුවට අදාළව දැනට කොළඹ මහාධිකරණය හමුවේ පවතින මුල් නඩුව කැඳවන ලෙසද නියෝග කළාය.

Related posts

“යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළා.. නෑ ඉවත් කළේ නෑ” මාධ්‍ය නිවේදන දෙකක් ! ධීවර අමාත්‍යාංශය නිළ වශයෙන්ම බොරු කියයි

colombotoday

සජිත් හිටපු තැනටම… රනිල් තීරණය කරයි !

colombotoday

අගමැති අල්ලස් ලොක්කීගේ පඩිය වැඩිකරයි.. පරන තනතුරටත් අදාලව දීමනා ඩබල් වෙයි

colombotoday

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

colombotoday

දෙරණ 360 දී බදුර්දීන් අසරණ වෙයි.. අන්තිමේදී ගූගල් සිතියමත් බොරු කියයි (Video)

colombotoday

කවාසාකි රෝගය පිළිබඳ අනිසි බියක් ඇති කරගතයුතු නෑ

colombotoday